Home News Politics “ෆොන්සේකා යටතේ අලුත් බලකායක්” පිහිටුවන එක විහිළුවට කියපු එකක්

“ෆොන්සේකා යටතේ අලුත් බලකායක්” පිහිටුවන එක විහිළුවට කියපු එකක්

244 views
SHARE

ආරක්ෂක අංශවල නායකත්වය භාරගන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී සරත් ෆොන්සේකාට කළ විහිළුවක් බවත් එය ජනාධිපතිවරයා වගකීමකින් කළ ප්‍රකාශයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්.බි.දිසානායක ප්‍රකාශ කරනවා.

ජනතා උද්ඝොෂණ, වෘත්තීය සමිති මර්ධනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

එවැනි ක්‍රියාකාරකමක් පාර්ලිමේන්තු පනතකින් හෝ ස්ථාපිත කිරීමට මේ රටේ නෛයිතික බලයක් නැති බවත් එස්.බි දිසානායක ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක් වූ එස්.බි.දිසානායක,

ජනාධිපතිතුමා ,සරත් ෆොන්සේකාගෙන් ඇහුවේ,”කැමති නැද්ද ආයේ හමුදාපති වෙන්න” කියලා. ඒක ඇහුවේ විහිළුවෙන් වගේ. ඒකේ සීරියස්කමක් මම දැක්කේ නෑ. හදිසි අවස්ථාවක් වුණොත් අපිත් ඉන්නවා. ජනධිපතිතුමා ඇහුවේ, වගකීමක් පවරන විලාශයකින් ‍නෙවෙයි.

මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. සාමය,නීතිය,ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ රටක්.

රාජිත අමාත්‍යතුමත් කැබිනට් ප්‍රකාශක ලෙස ඒ ගැන වගකීමෙන් ප්‍රකාශයක් කළා. “මම නම් ඒ ගැන දන්නේ නෑ. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද කියලා නම්, මම දන්නේ නෑ. ඒ ප්‍රකාශයත් සමග සමහර උදවිය බිය වී ඇති බව ක් නම්,පේනවා. නමුත් එවැනි ඒකක ස්ථාපිත කරන්න ලංකාවේ නෛයිතික බලයක් නැති බවයි මම නම් හිතන්නේ.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site