Home News International ප්‍රංශ ජනපති වීමට සිහින දකින එම්මානුවෙල්ගේ බිරිඳ ඔහුගේ මවගේම වයසේ කෙනෙක්

ප්‍රංශ ජනපති වීමට සිහින දකින එම්මානුවෙල්ගේ බිරිඳ ඔහුගේ මවගේම වයසේ කෙනෙක්

345 views
SHARE

ප්‍රංශයේ ජනාධිපතිවරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන විට ද ලොව පුරා පුවත් මවන්නකු බවට පත් වී තිබෙනවා.

ඒ අන් කිසිවක් නිසා නොව 39 හැවිරිදි එම්මානුවෙල් ගේ 64 වියැති බ්‍රිජිට් ට්‍රෝග්නෙක්ස් (Brigitte Trogneux) නම් බිරිඳ නිසායි.

මෙම අඹුසැමි යුවල අතර පරතරය වසර 25 ක් වනවා. එම්මානුවෙල්ට සිය බිරිඳව මුලින්ම හමුවී ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 15 දීයි.

ඒ වන විට ඇය එම්මානුවෙල් ගේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

1974 වර්ෂයේ දී බ්‍රිජිට් බැංකු කරුවෙකු සමඟ විවාහ වී ඇති අතර ඇයට එම විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටිනවා.

බ්‍රිජිට් ගේ එක් දියණියක් එම්මානුවෙල්ගේ පාසල් මිතුරියක් ද වනවා.

එම්මානුවෙල් මැක්‍රෝන් වයස අවුරුදු 17 දී බ්‍රිජිට්ව විවාහකර ගන්නා බවට ඇයට පොරොන්දු වී තිබෙනවා.

එවිට ‍බ්‍රිජිට් ගේ වයස අවුරුදු 42 යි. බ්‍රිජිට් ගේ පෙර පැවති විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව 2007 වර්ෂයේ දී මොවුන් දෙදෙනා විවාහ වුණා.

බ්‍රිජ්ට් ට මේ වනවිට දියණිවරුන් තිදෙනෙකු, මුණුපුරු මිණිපිරියන් හත් දෙනෙකු සිටින අතර ඇයගේ පළමු දරුවා එම්මානුවෙල්ට වඩා වසර දෙකකින් වැඩිමහල්වීමද විශේෂත්වයක්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site