Home News International දැඩි ලෙස රෝගී වී සිටි ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී විනෝද් ඛන්නා මියයයි

දැඩි ලෙස රෝගී වී සිටි ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී විනෝද් ඛන්නා මියයයි

272 views
SHARE

ප්‍රවීන බොලිවුඩ් රංගන ශිල්පී පාර්ලිමේන්තු මන්ත්‍රී, විනෝද් ඛන්නා මුම්බායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 70 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කලක් පීඩා විඳිමින් සිටි පිළිකාවක් හේතුවෙන් මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

1968දී රංගන ශිල්පියෙකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි විනෝද් ඛන්නා අවසන් වරට සිය රංගන දායකත්වය ලබාදුන්නේ 2015 නිෂ්පාදනය කළ දිල්වාලේ චිත්‍රපටය සදහායි.

පසුගිය සතියේ විජලන තත්වයක් හේතුවෙන් මුම්බායි රෝහලකට ඇතුලත් කළ විනෝද් ඛන්නා අද උදෑසන 11.20 ට පමණ දිවියෙන් සමුගත් බව රෝහල හෙළිකර තිබෙනවා.

රෝගීව දුර්වලවී සිටින ප්‍රවීණ නලුවාගේ ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලයට එක්ව තිබු අතර ඊට ඉන්දීය ජනතාව විශාල පිරිසක් කණගාටුව ද පළකර තිබු බව සඳහන්.

ඔහුගේ සමකාලීනයන් රැසක් ද මෙම මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ සටහන් තබා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site