Home News Breaking ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සියලු ගීතවල හිමිකම දියණියට

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සියලු ගීතවල හිමිකම දියණියට

334 views
SHARE

සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්‍යක්‍ෂ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබෙනවා.

ක්ලැරැන්ස්ගේ දියණිය අමිලා විජේවර්ධන කීවේ මෙවන් කතාවක්.

“මගේ පියා නිර්මාණය කළ ගීතවල තනු නිර්මාණ සහ පද රචනවලට හානියක් නොකර, ගීත විකෘති නොකර ගායනා කිරීමට කැමැති ඕනෑම අයකුට අපිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අපෙන් අවසර ලබාගෙන ගායනා කිරීමට අවස්ථාව දෙනවා. අවසර නොමැතිව ගායනා කරන ඕනෑම අයකුට විරුද්ධව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න වෙනමම නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා. පියාගේ ගීත අනවසරයෙන් ගායනා කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නියෝජිතයකු ඉදිරියේදී පත්කරනවා.

ඒ වගේම දැනට පවතින නඩු සම්බන්ධයෙන් අපේ නීතීඥ මණ්ඩලය දැනුම්වත් කර තිබෙනවා.

ඉදිරියේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ සම්බන්ධ කරගෙන පවත්වන ප‍්‍රසංග වැඩසටහන් හා සියලූම දේවල් පිළිබඳව අප දැනුම්වත් කළ යුතු වෙනවා.

මොකද එය අප සිතන්නේ පියාට කරන යුතුකමක් කියලයි.

මගේ පියාගේ ගීත ගායනා කරලා ප‍්‍රසිද්ධිය ලබාගෙන මුදල් හම්බකරගෙන අපට දොස් කියන පිරිසකුත් ඉන්නවා. එය අපි දකින්නේ මෙවැනි කලාකරුවකුට කරන අගෞරවයක් හැටියටයි. මගේ පියා නැතිවෙලා වසර ගණනක් ගියත් ඔහුගේ ගීත තවමත් ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ ඒ ගීතවල තිබුණු අලංකාරය සහ සුවිශේෂී නිර්මාණ ගුණය නිසයි. අප සිතනවා තවත් වසර ගණනාවක් ඔහුගේ ගීත රසික හදවත් තුළ රැඳී තිබේවි කියලා. මගේ පියාගේ ගීත විකෘති නොකර වෙනස් නොකර ගායනා කිරීමට කැමැති අයකුට [email protected] ලිපිනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site