Home News Breaking මහින්ද පක්ෂය භාර දෙනකොට පක්ෂ මුලස්ථානයේ තිබ්බ දේ ගැන මහ ලේකම් කළ...

මහින්ද පක්ෂය භාර දෙනකොට පක්ෂ මුලස්ථානයේ තිබ්බ දේ ගැන මහ ලේකම් කළ හෙළිදරව්ව

1,820 views
SHARE

නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මැයි දිනය මහනුවර ගැටබෙ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව සදහන් කරන ශ්‍රී.ල.නි.ප.යේ මහ ලේකම් දුමින්ද දිසානායක වර්තමානයේ දේශපාලනය ගැන C NEWS සමග කතා කලේ මෙලෙසින්.

මැයි දිනයත් එක්ක මොකද්ද මේ තියෙන අරගලය නැත්නම් අභියෝගය ?

කිසිම අරගලයක් නැහැ. කිසිම අභියෝගයකුත් අපට නැහැ.

ඒ වුනාට සැබෑ ශ්‍රී.ල.නි.ප.යේ මැයි රැලිය ගැන එක එක කතා කියවෙනවා ?

සැබෑ ශ්‍රී.ල.නි.ප.යේ මැයි රැලිය තියෙන්නේ මහනුවර ගැටබෙ ක්‍රීඩාංගනයේ. ශ්‍රී.ල.නි.ප.යේ සෑම සාමාජිකයෙක්ටම මෙයට සහභාගිවීමට ලිපි යවලා තියෙන්නේ ලියාපදිංචි තැපෑලෙන්.

ශ්‍රී.ල.නි.ප.යේ පිරිස් පොදුජන පෙරමුණේ මැයි රැළියට ගියොත් එසේ සහභාගී වන අයව පක්ෂයේන් ඉවත් කරනවද?

පොදු ජන පෙරමුණේ මැයි රැළියක් ගැන නම් මම දන්නේ නැහැ. ජී.එල්. පීරිස්ගේ අලුත් පක්ෂේ නම් මැයි දිනයක් තියෙනවා. ශ්‍රී.ල.නි.ප.යේ සාමාජිකයන් අනිවාර්යෙන් ශ්‍රී.ල.නි.ප.යේ මැයි රැලියට සහභාගී විය යුතුයි. එසේ සහභාගී නොවී වෙනත් රැළියකට යන අය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් ගන්නවා.

මැයි දිනයට පුරෝගාමිවූ ටී.බී. තෙන්නකෝන්ගේ පරපුරෙන් එන කෙනෙක් ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඔහුව සංවිධායක ධුරයෙන් අයින් කලා නේද ?

“ඔව්” එහෙම ඉවත් කිරීමක් කළා.

ඔබත් එවන් දේශපාලනයට සේවය කළ පියෙකුගේන් පැමිණෙන පුතෙක් ඔබ ඇයි එහෙම තිරයක් ගත්තේ ?

ඔබ වැඩ කරන ආයතනය ඔබව ගත්තේ ආයතනයට සාධාරණව වැඩ කරන්න. එහෙම වැඩ කරන නිසා ඔබව ඔවුන් තියාගෙන ඉන්නවා. ඔබ එහෙම වැඩ නොකරා නම් ඔබ කොච්ච්ච්ර හොද වුණත් තියාගෙන ඉන්නවද? ඒක ඕනෑම ආයතනයකට වගේම පක්ෂ වලටත් පොදු දෙයක්. සංවිධායකවරුන්පත් කරන්නේ පක්ෂයට වැඩ කරලා පාක්ෂිකයට ජයග්‍රහණ ලබා දීමටයි. මොකද පක්ෂෙට හැම වෙලේම සාමාජිකයන් මුණ ගැහෙන්න බැහැ. සංවිධායක වගකීම පැහැර හරිනවානම් පාක්ෂිකයට වගේම පක්ෂයටත් හානි වෙනවා. පක්ෂය දියුණු වෙලා පක්ෂය වර්ධනය වෙන්නෙත් නැහැ. ඒ වගේම පක්ෂයේ යම් දෙයක් ජනතාවට ලබා දෙන්න තිබුන අවස්ථාවකදී පක්ෂයත් එක්ක ක්‍රියාකාරී නොවීම නිසා පාක්ෂිකයටත් වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමා අවස්ථා ලබා දුන්නා. නමුත් ඒ අවස්ථා සියල්ල ගිලිහි ගිහින් තවත් පාක්ෂිකයන්ව අසරණ කරන්න බැරි නිසා අපි මේ තීරණය ගත්තා.

මෙසේ ඉවත් කළ සංවිධායකවරුන්ට ජන්ද පදනම් තිබුණු අය. මේක පක්ෂයට බලපාන්නේ නැද්ද ?

අපි හැමෝටම ජන්ද පදනමක් තියෙනවා. පාක්ෂිකයාව රකින්නේ නැතුව වරප්‍රසාද පාක්ෂිකයට දෙන්නේ නැත්නම් අපි මේක කොතනින් හරි පටන් ගන්න ඕන.
ඒ කට්ටියත් ආවේ බිම් මට්ටමේ ඉදලා. එහෙම තව කෙනෙක්ට එන්න බැහැ කියලා දෙයක් නැහැ. ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන් නමුත් එක වර ස්ථාවරයකට එන්න බැරි වෙයි. ඒත් පාක්ෂිකයා රැකීම සදහා මෙවැනි තීන්දු ගන්න වෙනවා.

ඉදිරියේදීත් මෙවැනි වෙනස් කම් සිදු වෙනවද ?

පක්ෂේ ප්‍රතිසංවිධාන කටයුතු කරමින් ඉන්නේ ඒවා එක්ක වෙනස් කම් සිද්ද වෙන්න පුළුවන්.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම කියලා කට්ටියට එහාට මෙහාට කලාම හරිද ?

මේක පුද්ගලයෝ ගැන හිතලා කල දෙයක් නෙමෙයි. පක්ෂය සහ පාක්ෂිකයා ගැන හිතලා ගත් තීන්දුවක්. සංවිධායකවරයන් පක්ෂය එක්ක නොතිබීම හරහා පාක්ෂිකයට අසාධාරණයක් වෙන්නේ. පාක්ෂිකයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ ගමට දෙනවනම් ලක්ෂ 10 එක දෙගොල්ලන්ම එකතු වෙලා හොදම යෝජනාව කරවන්න පුළුවන්. ප්‍රතිලාභයක් ගමට එනකොට ප්‍රධාන පක්ෂ දෙක බෙදෙන්නේ නැතුව දෙගොල්ලන්ම එකතු වෙලා නියම සුදුස්ස තෝරලා දෙන්න පුළුවන්. එක පැත්තකට වෙලා හිදිම තුල තමන්ගේ ප්‍රශ්න බේර ගන්න මිනිස්සු අමාරුවේ දානවා එක අපිට බලාගෙන ඉන්න බැහැ.

බෙදුණු මේ කට්ටිය ඉදිරියේදීවත් එකතු වෙන්න කැමැත්තක් නැත්ද ?

අපි එකගයි කිසිම අපේ විරෝධතාවයක් නැහැ. වර්තමාන ජනාධිපතිට පක්ෂේ සභාපතිත්වය භාර දුන්නේ මහින්ද හිටපු ජානාධිපති තුමා. එදා ඉදලා වර්තමාන ජනාධිපතිතුමා ඒ පාර්ෂවයට එකතු වෙන්න එපා කියලා නැහැ. ඔහුත් කියල තිබ්බේ එකතු වෙන්න කියලා. සමගි වෙලා ඉන්න ඕන. පාක්ෂිකය රකින්න ඕන කියලා එකතු වෙන්න ඕන කියන තීරණය ගන්න ඕන ඉතිං මහින්ද හිටපු ජානාධිපති තුමා තමයි. අද වෙන පක්ෂ හදාගෙන ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයෝ අසරණ කරන්නේ ඒ අයම තමයි. අපි තීන්දුවක් නොගෙන මෙච්චර කල් ඉදල කියුවා එන්න එන්න කියලා එත් ඒ අය ඒ දීපු නිදහසෙන් කලේ විරෝධතා පා ගමන් ආදී කරමින් පක්ෂය කඩන්න වැඩ කරපු එකයි. ඇයී මහින්ද හිටපු ජානාධිපති තුමාට බැරි ශ්‍රී.ල.නි.පක්ෂයේ සියලු දෙනාම පක්ෂය එක්ක එකට ඉන්න ඕන කියලා කටක් ඇරලා කියන්න. පාර්ලිමේන්තුවේ අපි 96 එකතු වුනොත් තමයි මොනවා හරි දෙයක් රට වෙනුවෙන් කරන්න පුළුවන් ඔය හතලිස් ගානට කරන්න පුළුවන් දෙයක් නැහැ.

මෙච්චර එකතු වෙන්න අඩ ගහලත් එකතු නොවීම ගැන ඔබ මොකද කියන්නේ ?

මේ රටේ අයිතිකාරයෝ නැති මාලිගා , බැංකු ගිණුම්, තියෙනවා ඒවාට අපි විරුද්දයි. ඒ අයට තමයි අපිත් එක්ක එකතු වෙන්න බැරි. අන්න ඒ බැරිකම නිසා සියලුම ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයන්ට කරන්නේ අසාධාරණයක්. යුද්ධයේදී රට වෙනුවෙන් මහින්ද හිටපු ජානාධිපතිතුමාට හැමෝටම එකතු වෙන්න කියලා කියන්න පුළුවන් නම් දැන් පක්ෂ දෙකක් එකතු වෙලා රටට වැඩක් කරන එක තමයිද වැරැද්ද. මේකෙන් වෙන්නේ අනාගත පරපුර නැති වෙන එක. මේක රටේ අනාගත පරපුර වෙනුවෙන් අලුත් වෙනසක් රටේ ජනතාවට දායාද කල යුතු වෙලාවක්. ඒ මොහොතේ අපි අකමැතිම කෙනා එක්ක හරි එකතු වෙලා රට කරන එක තමයි ශේෂ්ටත්වය.

මෙහෙම ගිහින් ඒකාබද්දේ කට්ටිය වෙන් වුනොත් කට්ටිය අඩු වෙනවනේද ?

අපිට කට්ටිය අඩු වෙන්නේ නැහැ. ඉතිහාසයේදීත් මේ රටේ පක්ෂ කඩන්න ගියා. නමුත් පස්සේ මේක තනියම කරන්න බැහැ කියලා තේරුම් ගත්තහම ඒයාලා නිකන්ම වැඩේ අත්හරිනවා. මේ ඒකාබද්දේ කට්ටිය තමාගේ කාරණා වලට රට දෙකට කිරීමේ වාදක ඉන්නේ ඉන්නේ පාක්ෂිකයන් එය තේරුම් ගනීවි. රටේ ජනතාව දැන් බුද්ධිමත් ඔවුන් දැන් කඩේ යන්නේ නැහැ. මහින්ද කියන බ්‍රෑන්ඩ් එකෙන් ඒකාබද්දේ කට්ටිය යන්න හදනවා මිසක් මේ අය රටට දෙයක් කරලා යන්න හදන ගමනක් මෙතන නැහැ. ගමට රටට වැඩක් කරන්න ඒවා ගැන දන්න අය ඒ තැන් වලට පත් වෙන්න ඕන. පුද්ගලයෝ හැදුනා මිසක් මෙච්චර කල් පක්ෂයට වුනු දෙයක් නැහැ. ශක්තිමත් කලාම ඒ පක්ෂේ ඉස්සරහට යනවා පුද්ගලයෝ වටේ හිටියම පුද්ගලයෝ මාරු වෙලා බිම වැටෙනවා. මහින්ද හිටපු ජනපති තුමා පක්ෂේ භාර දෙනකොට පක්ෂ මුලස්තනයේ තිබ්බේ එක පුස් බයිසිකලයක් විතරයි.

සංවාද සටහන C NEWS ආශ් වරු

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site