Home News Sports ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට නියමිත දිනට ඉන්දීය කණ්ඩායම නම් නොකළේ ඇයි ?

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට නියමිත දිනට ඉන්දීය කණ්ඩායම නම් නොකළේ ඇයි ?

224 views
SHARE

ජුනි මස 01 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන රටවල අදාළ සංචිතයන් නම්කොට අප්‍රේල් 25දාට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යැවිය යුතු වුවත් 26වනදා දිනය වන තෙක්ම අදාළ ක්‍රිකට් සංචිතය ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කර නොතිබිම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් විමතිය පල කරනු ලැබුවා.

ICC තරගාවලියට සහභාගි වන අනෙක් රටවල් 7 මේ වන විට සිය සංචිතයන් නම් කොට ICC යට දැනුම් දී ඇති අතර ,මෙසේ නියමිත දිනයට පෙර තම සංචිතය තෝරා නම් කිරීමට නොහැකි වූයේ තාක්ෂණික හේතුවක් නිසා බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

කෙසේ වෙතත් මෙසේ ඉන්දීය ක්‍රිකට් සංචිතය නම් නොකිරීම පිටුපස ඉන්දීය කණ්ඩායම ICC තරගාවලියට සහභාගි නොකරවීමේ අවදානමක්ද පවතින බව අතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

තම කණ්ඩායම තරගාවලියට සහභාගි නොකරන බවට ICC ය බියගන්වා හෝ බිග් ත්‍රී සංකල්පය මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ICC ආදායමෙන් ලැබෙන මුදල් කොටස් ප්‍රමාණය වැඩි කරගැනීම මේ පිටුපස ඇති තවත් හේතුවක් බවද ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site