Home News Breaking කොරියාවේදී මියගිය ලාංකික තරුණයා ගැන මාධ්‍යයෙන් මෙතෙක් හෙළි නොකළ කතාවක් PHOTOS

කොරියාවේදී මියගිය ලාංකික තරුණයා ගැන මාධ්‍යයෙන් මෙතෙක් හෙළි නොකළ කතාවක් PHOTOS

14,588 views
SHARE

දකුණු කොරියාවේ සේවයේ නිරතව සිටියදී මියගිය සශේන් තාරකගේ මරණය සියදිවිනසා ගැනීමක් බවට වාර්තා වී තිබෙනවා.

දකුණු කොරියානු පොලීසිය සහ හදිසි ඇමතුම් අංශය එක්ව පසුගිය 24වනදා ඔහුගේ මළසිරුර තේගු නගරයේ පිහිටි secheon ගඟේ තිබී සොයා ගනු ලැබුවා.

මියගිය සශේන් තාරක, බද්දේගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර බද්දේගම කිරිස්තුදේව පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා 2013 වසරේදී රැකියාව සඳහා කොරියාවට ගොස් තිබෙනවා.

කෙසේවෙතත් සශේන් තාරකගේ දේහය භාරගැනීම සඳහා මේ වන විට පවුල තුල ගැටලුකාරී තත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

සයිප්‍රස් හි සේවයේ නියුතු සශේන්ගේ මව හා ලංකාවේ වෙසෙන පියා අතර මෙම අර්බුදය පැනනැගී තිබෙනවා.

දකුණු කොරියාවේ පිහිටි තේගු අපේ පන්සල ශ්‍රී ලංකාරාමයේ නායක ස්වාමීන් වහන්සේ සහ එහි සිටින ශ්‍රී ලාංකික තරුණ පිරිස විසින් මියගිය සශේන් තාරකගේ සිරුර ලංකාවට එවීම සඳහා මුල්‍යමය අධාර සහ අනෙකුත් සියලුම කටයුතු සම්පාදනය කර ඇති බවයි දකුණු කොරියානු විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site