Home News Breaking ගැටඹේට නොආවොත් ශ්‍රීලනිප යෙන් දොට්ට

ගැටඹේට නොආවොත් ශ්‍රීලනිප යෙන් දොට්ට

193 views
SHARE

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පවත්වන මැයි දින රැලිය සඳහා සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂය හැරගියා සේ සලකන බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ගාලුමුවදොර පිටියට සහභාගි වන්නැයි සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් කරන ලද ඉල්ලීම ඉතාමත් බරපතල ප්‍රකාශයක් බව ද එම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මැයි දිනෙන් පසු පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් විසින් ගැටඹේ පැවැත්වෙන මැයි රැළියට සහභාගි නොවන පිරිස පක්ෂය හැර ගියා සේ සලකන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site