Home News Breaking තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව රත්වෙයි

තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව රත්වෙයි

360 views
SHARE

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් එම ගිවිසුම සංශෝධනය කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එකඟතාව පළකර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම එකඟතාව පළකර ඇත්තේ ගිවිසුමට එරෙහිව දයාසිරි ජයසේකර හා සුසිල් ප්‍රේමජයන්ත යන අමාත්‍යවරුන් දැඩි විරෝධය පළකර තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙහිදී ගිවිසුමට පක්ෂ හා විපක්ෂව අමාත්‍යවරු අතරේ උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවී තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන, ඛනිජ තෙල් සේවකයන්ට දුන් ‍පොරොන්දුව අනුව කටයුතු කරමින් ගිවිසුම සංශෝධනය කරන ලෙස පවසා තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා එකඟවී තිබෙන බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site