Home News Breaking එක පාදයක්‌ අහිමි වෙද්දී පණ බේරා ගන්න දිව්ව තරුණයාගේ අනිත් කකුලත් වෙන්...

එක පාදයක්‌ අහිමි වෙද්දී පණ බේරා ගන්න දිව්ව තරුණයාගේ අනිත් කකුලත් වෙන් වෙන්නම කපලා

300 views
SHARE

තලංගම පොලිස්‌ බලප්‍රදේශයේ තලවතුගොඩ රාත්‍රි සමාජ ශාලාවක්‌ තුළ ඇති වූ ගැටුමකින් ඊයේ (28 දා) තරුණයකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ ඝාතනයට ලක්‌වී ඇත්තේ අතුරුගිරිය මහජන මාවතේ අංක 20/එස්‌ 1 නිවසේ පදිංචිව සිටි ඇල්ලගොඩ ගමගේ ඉසුර සම්පත් හෙවත් ‘ලොකු බර්ටි’ නමැති 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

රැකියාව වශයෙන් ත්‍රිරෝද රථයක රියෑදුරකු ලෙස කටයුතු කරන මියගිය තරුණයා පසුගිය 27 වැනිදා රාත්‍රියේ මිතුරන් සමඟ තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක සිටින අතරතුර ඇති වූ බහින්බස්‌ වීමක්‌ දුරදිග ගොස්‌ අනතුරුව අලුයම 3.10 ට පමණ රාත්‍රි සමාජ ශාලාවෙන් පිටතට පැමිණි අවස්‌ථාවේ කිසියම් පිරිසක්‌ තියුණු ආයුධවලින් ඔහුගේ පාදයට කොටා ඇති අතර වෙන් වූ පාදය අත්හැර එක්‌ පාදයකින් දිවි බේරා ගැනීමට දිව ගියත් ඝාතකයන් එළව එළවා පහර දී ඔහුගේ පා දෙකම වෙන් වන සේ කපා දමා තිබෙනවා.

තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය කියා සිටියේ.

පැරණි කෝන්තරයක්‌ පිරිමසා ගැනීමට කිසියම් කල්ලියක්‌ විසින් මෙම තරුණයා රාත්‍රි සමාජ ශාලාව වෙත රැගෙන ගොස්‌ මෙසේ කපා කොටා ඝාතනය කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක්‌ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය තරුණයාගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතයි.

තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site