Home News Breaking ගෙවල් 300 ක්‌ සුද්ද කල ‘කබරයා’ ඇල්ලු හැටි PHOTO

ගෙවල් 300 ක්‌ සුද්ද කල ‘කබරයා’ ඇල්ලු හැටි PHOTO

298 views
SHARE

නිවාස තුන්සියයකට අධික ප්‍රමාණයක්‌ කඩා කිහිප විටක්‌ම විදුලි වැට කඩා දමමින් ගම්මාන රැසක ජනතාව භීතියට පත්කළ බකිනිගස්‌දෝවේ ‘කන් කබරයා’ දින පහක මෙහෙයුමකින් පසු වනජීවී ග්‍රහනයට ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන්පසු පෙරේදා (27 දා) සවස අනුරාධපුර හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්‌ථානයට පිටත් කළ බවයි මාදුරුඔය වනෝද්‍යාන භාරකාර ඩී. එස්‌. ජයසෝම රත්නායක කියා සිටියේ.

බකිනිගස්‌දෝව, වීරාණගම, පදවල, මඩුපොත, විලතලාව, ළිඳගල, ගල්ඕඩේ, නාවින්න ආදී ගම්මාන රැසකට කඩාවැද නිවාස, වගාබිම් රැසක්‌ වැනසූ මෙම අලියා කිහිප විටක්‌ම විදුලි වැටටද හානිකර තිබෙනවා.

අවසාන වශයෙන් පසුගිය 26 වැනිදා මෙම අලියා නිර්වින්දනය කළ අවස්‌ථාවේද අලි වැට කඩාදමමින් වනෝද්‍යානයට පැනගොස්‌ තිබෙන බව වාර්තා වනවා.

හොරොව්පොතානට රැගෙන යැමට අලියා වාහනයට පැටවීමට පැය තුනකට අධික දැඩි වෙහෙසකර උත්සාහයක්‌ දැරීමට වනජීවී නිලධාරීන්ට සිදුවුණා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site