Home News Breaking මුදල් අමාත්‍යවරයා විපක්‍ෂයේ අසුනකට?

මුදල් අමාත්‍යවරයා විපක්‍ෂයේ අසුනකට?

657 views
SHARE

ජනාධිපතිවරයා විසින් සිදු කරන බව පවසන කැබිනට් සංශෝධනයේදී මුදල් අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කළහොත් සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක් ලෙස විපක්‍ෂයේ අසුන් ගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට දන්වා තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම තීන්දුව දැනුම් දීමත් සමග, අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවකින් පසු කැබිනට් සංශෝධනය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

කැබිනට් සංශෝධනයක් සිදු කිරීම ස්ථිර බව ජනාධිපතිවරයා ගිය වර්ෂය අග භාගයේදී ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට දන්වා සිටි බවද වාර්තා වූ අතර ඒ මත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ප‍්‍රසිද්ධ රැස්වීම්වල පවා වැරදි කරන ඇමතිවරුන් පන්නා දමන බව කල් තබා සඳහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රිවරුන් පවා මාධ්‍ය අමතමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාට හිතුමතේ කැබිනට් සංශෝධන සිදු කළ නොහැකි බව සහ ඒ සදහා අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ එකගතාවයද ලැබිය යුතු බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site