Home News Breaking ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසා ගීතාගේ කසාදයත් දෙදරයි

ද්විත්ව පුරවැසි ප්‍රශ්නය නිසා ගීතාගේ කසාදයත් දෙදරයි

532 views
SHARE

තමනට තිබූ ස්විස්ටර්ලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීම නිසා තම විවාහය දෙදරුම් කා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වූ බව පවසන ඇය තම සැමියාද මේ පිළිබඳව ඇය හා දැඩිව උරණ වී සිටින බවද සඳහන් කළා.

තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප‍්‍රශ්නය මත එම විවාහයේ බැම්මද කැඩී ගිය බවත් මන්ත‍්‍රීවරිය කියා සිටියා.

ඉදිරි සතියේදී අදාල නඩුව සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන බව කී ඇය මේ සම්බන්ධයෙන් වන සියළු ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර ඇති නිසා අධිකරණයෙන් තමනට සාධාරණය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවද වැඩි දුරටත් සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site