Home News Breaking වෙබ් අඩවි ප්‍රචාර අසත්‍යයි – මෝදි පැමිණෙන හේතුව ජනපති හෙළි කරයි

වෙබ් අඩවි ප්‍රචාර අසත්‍යයි – මෝදි පැමිණෙන හේතුව ජනපති හෙළි කරයි

402 views
SHARE

තමන්ගේ නිල ආරාධනයක් මත මෙම මැයි මස දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය තුළදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගීවීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (29) පෙරවරුවේ සහභාගී වෙමින්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන්නේ රටේ කොටස් අයිති කර ගැනීමට ගිවිසුම් අත්සන් තැබීමට බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වැරදි ප්‍රචාර ගෙන යමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා මෙම සියලු ප්‍රචාර ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාර බව ද එහිදී කියා සිටියා.

ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුනේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site