Home News Breaking බැඳුම්කර වාර්තාවෙන් පසු ජනපති ඓතිහාසික තීන්දු කිහිපයක් ගන්නා බවට ඉඟි පළවෙයි

බැඳුම්කර වාර්තාවෙන් පසු ජනපති ඓතිහාසික තීන්දු කිහිපයක් ගන්නා බවට ඉඟි පළවෙයි

662 views
SHARE

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මාස තුනකින් නිකුත් වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් ඓතිහාසික තීන්දු කිහිපයක් ගනු ලබන බව ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙක් සති අන්ත පුවත් පතකට සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තාවේ නිර්දේශවලට අනුව ඉදිරියේදී ගතයුතු සියලු පියවර ගැනීමට ජනාධිපතිවරයා පසුබට නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම හා මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් නොසිතූ පරිදි ජනාධිපතිවරයා විසින් ගනු ලබන මේ තීන්දු යහපාලන ආණ්ඩුවේ ඉදිරි අනාගතය පිළිබඳ තීරණාත්මක සාධකයකට තුඩුදිය හැකි බවද අදාළ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම ඓතිහාසික තීන්දු ගැනීමේදී, හෙට (01දා) පැවැත්වෙන ප්‍රධාන පක්ෂ දෙකේ මැයි දින රැස්වීම්වල ක්‍රියාකාරීත්වයද සැලකිල්ලට ගනු ලැබිය හැකි බවටද ඔහු ඉඟි පළ කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site