Home News Breaking රනිල් -මෝදී ගණුදෙනුවක් නාමල් හෙළි කරයි

රනිල් -මෝදී ගණුදෙනුවක් නාමල් හෙළි කරයි

237 views
SHARE

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරටට ගොස් මෙරට සම්පත් විකුණා දමා අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පැමිණිය ද ඉන් මෙරටට කිසිදු වාසියක් සිදු නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නරේන්ද්‍ර මෝදී අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීම හැර වෙනත් කිසිදු රාජකාරී කටයුත්තකට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී රටේ කොටස් අයිති කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ, මෙරටින් කිසිවක් රැගෙන යාමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නොපැමිණෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද, ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගොස් මෙරට සම්පත් විකුණා දමා ඇති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site