Home News Politics ජාතික ආණ්ඩුවෙන් වෙන්වී එනවානම් කොන්දේසි විරහිතව එක්වන්න සුදානම් මැයි දිනයට පෙර මහින්ද...

ජාතික ආණ්ඩුවෙන් වෙන්වී එනවානම් කොන්දේසි විරහිතව එක්වන්න සුදානම් මැයි දිනයට පෙර මහින්ද කියූ ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්න

11,821 views
SHARE

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකට කරලුයේ වර්තමාන ජාතික ආණ්ඩුවට එකතුවූ කණ්ඩායම බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔවුන් ජාතික ආණ්ඩුවෙන් වෙන්වී පැමිණෙන්නේනම් කොන්දේසි විරහිතව එකට එක්වී එක වැඩපිළිවෙලකට වැඩකිරීමට තමන් සුදානම් බව තරයේ ප්‍රකාශ කලා.

හෙට දිනයේ පැවැත්වෙන මැයි දින රැළිය සම්බන්දයෙන් C NEWS අප සමග අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දින කීපයේදී පැවති මහජන රැස්වීම් වලට සහභාගී වූ තමන් එම අවස්ථාවන්වලදී තමන් සහභාගී විය යුත්තේ කුමන රැළියටද යන්න ජනතාවගෙන් විමසු බවත් එවිට ජනතාව පැවසුයේ ගොල් ෆේස් රැළියට සහභාගී වීමසිදුකල යුතු බවත්ය. එම නිසා මෙවර ඔහුගේ නියෝජනය ගෝල් ෆේස් පිටියට බව සදහන් කල හිටපු ජනපති කියා සිටියේ නියම ශ්‍රීලංකා පාර්ශිකයන් හෙට දිනයේදී කොතනද ඉන්නේ යන්න තව පැය 18ක පමණ කෙටි කාලයකදී බලා ගත හැකි බවයි.

ශ්‍රීලනිපයේ මහා ලේකම් දුමින්ද දිසානායක පසුගියදා C NEWS අප සමග පැවති සාකච්චාවකදී සදහන් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මෙසේ පොදුජන පෙරමුණේ රැළියට සහභාගී වුවහොත් ඔවුන් සදහා පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් විනය විරෝධී පියවරක් ගන්නා බවත්ය. ඒ සමගම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ මෙසේ සහභාගීවන පිරිස්ගේ පක්ෂ සාමාජිකත්වයන් පවා අහෝසි විය හැකි බවයි.

19 වන වියවස්තාවට අනුව මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන්ද අහෝසි විය හැකිය. ඒ අනුව බැලීමේදී පොදුජන පෙරමුණේ ශ්‍රීලනිපයේ සාමාජිකයින් 41 දෙනෙකු සිටී.

මේ සම්බන්දයෙන්ද අප හිටපු ජනපතිවරයාගෙන් විමසූ විට ඔහු සදහන් කළේ එන ඕනෑම දෙකට පක්ෂය රැක ගැනීම වෙනුවෙන් මුහුණ දෙන බවත් මෙතෙක් තම පාර්ශිකයන් අසරණවූ බවත් තමන් තවත් කිසිදු විටකදී තම පාර්ශිකයන් අසරණ නොකරීමට කටයුතු කරන බවත් සදහන් කලා.

ආෂ් වරූ C NEWS

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site