Home News Breaking සුනඛ රැළකට හසුවූ දරුවා සිහිසුන් වනතුරුම සපා කයි PHOTOS

සුනඛ රැළකට හසුවූ දරුවා සිහිසුන් වනතුරුම සපා කයි PHOTOS

392 views
SHARE

අයාලේ යන සුනඛයන් රැලකට හසුවූ 06 හැවිරිදි දරුවෙකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, ගම්පොළ, බෝතලාපිටිය, ෆාතිමා ගාඩ්න්හි පදිංචි මොහොමඩ් උස්මාන් නමැති දරුවෙක්.

සුනඛයන්ගේ සපාකෑම්වලට ලක්ව ඔහුගේ ශරීරයේ තුවාල 40ක් පමණ තිබූ බව එම දරුවාගේ දෙමව්පියෝ සඳහන් කළා.

තුවාල ලැබූ දරුවා මාර්ගයේ තනිව එමින් සිටියදී සුනඛ රංචුවකට මැදිවී ඇති අතර, බරපතළ තුවාල සිදුවූ දරුවා ගුරුවරියක විසින් බේරාගෙන තිබෙනවා.

හිසෙන් කොටසක් හා පාදවලින් කොටස් කඩාගෙන ගොස් ඇති මෙම සුනඛ රංචුව දරුවාට සිහි නැතිවන තුරුම සපා කා ඇතැයි අනාවරණය වුණා.

බෝතලාපිටිය ප්‍රදේශයේ සිටින මෙම සුනඛ රංචුව දඩයමට හුරුව ඇති බවත්, මේ වනවිට විශාල එළුවෙකු හා කුකුළන් ඇතුළු සතුන් දඩයම් කර ඇතැයි ද ගම්වාසීන් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site