Home News Breaking අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් රටම සුදානම්

අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් රටම සුදානම්

173 views
SHARE

අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කම්කරු දින සැමරුම් රැළි සහ පෙළපාලි 23 ක් පැවැත්වීමට නියමිත බව සදහන්.

කොළඹ කේන්ද්‍ර කරගනිමින් මැයි රැළි 15 ක්ම පැවැත්වෙන්නේ පක්‍ෂ විපක්‍ෂ සැමගේ සහභාගිත්වයෙන්.

” එක මිටට හරි අතට” යන තේමාවෙන් මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සංවිධාන කරන මැයි දින රැළිය පැවැත්වෙනවා.

‘‘ දිනන ජනතාවගේ මැයි රැළිය ’’ එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කරන අතර එය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

“වැඩබිම, ගොවිබිම, මව්බිම සුරකින නොනවතින අරගලය” තේමාවෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන මැයි දින රැළිය පැවැත්වෙන්නේ කොළඹ ගාලූමුවදොර පිටියේදීයි.

” ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ජාතික සමගිය වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය අපි අපේ හඬ නගමු, ජනබලය ගොඩ නගමු” තේමාවෙන් මෙවර ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන මැයි දින රැළිය කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site