Home News Breaking දිවයිනේ වැඩිම උෂ්ණත්වය අනුරාධපුරෙන්

දිවයිනේ වැඩිම උෂ්ණත්වය අනුරාධපුරෙන්

189 views
SHARE

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල දැඩි උෂ්ණත්වයක්‌ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනෙන් වැඩිම උෂ්ණත්වය ඊයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වූ බවත් එය සෙල්සියස්‌ අංශක 38 ක්‌ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළා.

සාමාන්‍යයෙන් අනුරාධපුරයේ පැවතිය යුතු උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 34.3 ක්‌ බව ද ඇය පෙන්වා දුන්නා.

එසේම කොළඹ ඊයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 32.3 ක්‌ වූ අතර සාමාන්‍යයෙන් කොළඹ පැවතිය යුතු උෂ්ණත්ව ප්‍රමාණය සෙල්සියස්‌ අංශක 31.8 ක්‌ බවයි ඇය කියා සිටියේ.

එසේම ඊයේ යාපනයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 34.3 ක්‌ද, නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 23.5 ක්‌ ලෙසින් ද සටහන් වී තිබෙනවා.

මේ අතර වලාකුළුවල ජල වාෂ්ප ප්‍රමාණය වැඩි බවත් සුළං තත්ත්වය අඩුවීම හේතුවෙන් මේ දිනවල දැඩි උෂ්ණත්වයක්‌ පවතින බවත් මෙම තත්ත්වය මැයි මැද භාගය තෙක්‌ පැවතිය හැකි බවත් ඇය කියා සිටි අතර විටින් විට බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වැසි ඇතිවිය හැකි බව ද සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site