Home News Breaking ජනතාවට නොදන්වා හොරෙන් හොරෙන් ලයිටි කැපුව හේතුව

ජනතාවට නොදන්වා හොරෙන් හොරෙන් ලයිටි කැපුව හේතුව

184 views
SHARE

පසුගිය දිනවල ඇතිවූ ජල විදුලි ධාරිතා හිඟය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇතිවූ ගැටලු මත ජනතාවට නොදන්වා පැය, පැය බාගය මිනිත්තු 15 ආදී ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලි බල විසන්ධි කිරීම් සිදු කර ඇති බව අනාවරණය වෙයි.

මෙම විදුලි බල විසන්ධි කිරීම් ජනතාවට පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කර ඇති අතර මේ පිලිබදව මාධ්‍ය වෙත හෝ නොදන්වා සිටින්නට මණ්ඩලය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් පසුගිය දිනවල දහවල් හා රාත්‍රියේ වරින්වර විදුලි බලය විසන්ධි වීම නිසා ජනතාව බොහෝ අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙයි.

නොරොච්චෝල බලාගාරයේ දෝෂ හා මේ දිනවල පවතින වියළී කාලගුණය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය අඩාළවීම මෙම විදුලි කප්පාදුවට හේතුවී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දන්වා සිටින්නේ තිබෙන ජල ධාරිතාවය 31.4% දක්වා පහතට වැටී ඇති බැවින් ජල විදුලි නිෂ්පාදනය 12%ක් දක්වා අඩුවී තිබෙන බවත්, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය නිෂ්පාදනය 34%ක් දක්වා අඩුවී තිබෙන බවත්ය.

මේ දිනවල පවතින අධික උෂ්ණ අධික කාලගුණ තත්වය නිසා ඒකක මිලියන 38ක්ව පැවැති විදුලි දිවා ඉල්ලුම ඒකක මිලියන 45 දක්වා 18.4% කින් ඉහළට ගොස් තිබේ. එසේම රාත්‍රී කාලයේදී මෙගාවොට් 2470ක ඉල්ලුමක් 10% ක වැඩිවීමක්ද වාර්තාවී ඇත.

මේ නිසාම ලබන අඟහරුවාදා මැයි මස 02 දින සිට කර්මාන්තශාලාවල පවතින විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කිරීමටද දැනුම් දීම් කර තිබේ.
නිවෙස් පාරිභෝගිකයින්ගේ විදුලි කප්පාදුව රහසේම සිදු කළත් එවැනි කාලසටහනක් ගැන තවම නිල වශයෙන් දැනුම්දී නැත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site