Home News Breaking මුහුණේ ගෑ ආලේපනයක් විසවී එකම පවුලේ 3ක් රෝහලේ

මුහුණේ ගෑ ආලේපනයක් විසවී එකම පවුලේ 3ක් රෝහලේ

261 views
SHARE

හිඟුරක්ගොඩ නගරයේ වෙළෙඳසැලකින් ලබාගත් ශරීර ආලේපන වර්ගයක් ගැල්වීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් බටුකොටුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකු ඊයේ (30දා) හිඟුරක්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දුන් හිඟුරක්ගොඩ, බටුකොටුව ප්‍රදේශයේ පදිංචි එම්.පී. මිලාන් නමැති අය ඒ පිළිබඳව මෙලෙස අදහ පලකලා.

“මම හිඟුරක්ගොඩ නගරයේ තියෙන සුපර් මාකට් එකකින් ආලේපනයක් එකක් ගත්තා මුහුණෙ ගාන්න. මම නාලා මුහුණේ ගෑවා. එකපාරටම මුහුණ දැවිල්ල ගහන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒක එතනම දාලා මම දිව්වා මුහුණ හෝදගන්න. ඒක බබා දැකලා බබා ගාගන, බබාගේ ඇඟ හැමතැනම රතුපාට බිබිළි ආවා. ඒක පිසදාපු නෝනාගෙත් බිබිළි ආවා. පුතයි, නෝනයි, හිඟුරක්ගොඩ රොහලේ නතර කළා.”

“පස්සෙ මම ගාපු ක්‍රීම් එකත් අරගෙන පැමිණිලි කළා. ඒ එක්කම පාරිභෝගික අධිකාරියට කතා කරලා, ඒ අය ඇවිත් ඒ සුපර් මාකට් එකේ තිබුණු ආලේපන වර්ගය අත්අඩංගුවට ගත්තා. මේක මිනිස්සු අමාරුවේ දාන අලේපනයක් තමයි. ඒ පෙටිටියේ ගහලා තියෙනවා සමේ ආසාත්මිකතාවක් ඇති වුවොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස. ඉතින් එහෙම ඒවා මොකටද විකුණන්නෙ. අර කාමිනාශක, වල්නාශකවලත් ඔහොම තමයි පෙටිටියේ ගහලා තියෙන්නෙ.” යැයි වැඩි දුරටත් ඔහු කියා සිටියා.

පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී එම්.ජී. රේණුක කුමාර සඳහන් කලේ පරීක්ෂණ කටයුතු සිදු කර එහි ප්‍රතිපල අනුව නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site