Home News Breaking තම පක්ෂය ඕනම ඡන්දයකට හෝ අභියෝගයකට සූදානම්

තම පක්ෂය ඕනම ඡන්දයකට හෝ අභියෝගයකට සූදානම්

147 views
SHARE

කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන එජාප මැයි රැළිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ තම පක්ෂය ඕනම ඡන්දයකට මෙන්ම අභියෝගයකට සූදානම් බවයි.

ශ්‍රී ලංකාව දියුණු කර ඉදිරියට ගෙන යන බවත්, ලබන වසරේදි ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇත ණය මුදල රුපියල් කෝටි 96,000ක් බවත් සදහන් කල අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ එම ණය සියල්ලටම වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බවයි.

2020 වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 225,000ක් බවද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාව වරාය හා ගුවන් කේන්ද්‍රස්ථානයක් බවට පත්කර කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කළ බවත්, හෝටල් ගණනාවක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළා.

කොළඹ දැනට පවතින වරායට අමතරව වරායට උතුරින් තවත් වරායක් ජපානය සමග එක්ව ඉදිකරන බවත් පැවසු ඔහු එමෙන්ම රට සංවර්ධනය කර 2020දී වරම ඉල්ලන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site