Home News Breaking ගාලුමුවදොර පිටිය පුරවා ආණ්ඩුවේ අභියෝගය ජයගත්තා, හැකිනම් මැතිවරණය පවත්වන්න

ගාලුමුවදොර පිටිය පුරවා ආණ්ඩුවේ අභියෝගය ජයගත්තා, හැකිනම් මැතිවරණය පවත්වන්න

286 views
SHARE

ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්වෙමි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මේ පවතින්නේ වෙන්දේසි හා බන්දේසි ආණ්ඩුවක් බවයි.

ආණ්ඩුව මේවන විට ජාතික සම්පත් විකුණමින් සිටින බවත්, හම්බන්තොට වරාය සමග අක්කර 15,000ක් චීනයට ලබාදීමටත්, මාදුරු ඔය ප්‍රදේශයේ ඉඩම් ලබාදීමටත්, ත්‍රීකුණාමලය වරාය විකිණීමට සියල්ල සූදානම් කර ඇති බවද කියා සිටියා.

වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගෙන් කොටසක් එදා රැවටුණද, යළිත් රැවටෙන්නට සූදානම් නැති බවත්, ජාතික සම්පත් රැක ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටුවන ශක්තිමත් නොනවතින අරගලයක් බවට පත් කළ යුතු බවත් මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළි‍වෙළ ආරම්භ කරන භූමිය ගාලුමුවදොර පිටිය බවත්, එය කිසිසේත්ම නැවැත්විය නොහැකි බවත්ය.

ගාලුමුවදොර පිටිය පුරවන්නට ජනතාව එක්රැස් කර පෙන්වන්නැයි ආණ්ඩුව විසින් අභියෝගයක් කළ බවත්, ඒ නිසාම ඒ අයටත් දෙන්නට අභියෝගයක් පවත්නා බවත්, හැකිනම් පළාත් පාලන හා පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කලා.

තමාගේ කාලයේ ත්‍රිවිධ හමුදාව යොදාගනු ලැබුවේ ත්‍රස්තවාදය තුරන් කොට රටට සාමය උදාකිරීමට බවත්, මේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව යොදා ගන්නේ ජනතාව ඉල්ලීම් ඉල්ලා පාරට බසිනවිට මර්දනය කිරීමට බවත් පසුගිය කාලයේ ගනු ලැබූ ණය නිසා රටේ ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇති බවට චෝදනා කරනු ලැබුවත්, ජනතාව දුක් විඳින්නේ ආණ්ඩුව ගත්තු ණය නිසා හා බැංකු කොල්ලකරුවන් නිසා බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එයාලට පිනුම් ගහන්නට ලැබුණේ මේ රට නිදහස් කරගත්තු නිසා බව අමතක නොකළ යුතු බවත්, මෙම පූට්ටු ආණ්ඩුවේ ලැග සිටින අයටත් කියන්නට ඇත්තේ මේ අරගලයට එකතුවන ලෙස බවත් ප්‍රකාශ කල හිටපු ජනපතිවරයා මේක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මැයි දිනයක් බවත්, වෙන්දේසිකාර, නාස්තිකාර ආණ්ඩුවේ අවසානය තීන්දු කරන හා රට වනසන හොර නඩය පන්නා අලුත් ආණ්ඩුවකට පාර කපන මැයි දිනයක් බවත් හිටපු වැඩිදුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site