Home News Breaking පොලිස් නිලධාරියෙක් සිරිකොත මූලස්ථානයේ අලියාට වෙඩි තබයි

පොලිස් නිලධාරියෙක් සිරිකොත මූලස්ථානයේ අලියාට වෙඩි තබයි

755 views
SHARE

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලාංඡනයට වෙඩි තැබූ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොස්තාපල්වරයා නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිටකෝට්ටේ එපිටමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක රාජකාරියේ නිරත අයෙකු බවටයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ රාජකාරියට යමින් සිටි කොස්තාපල්වරයා විසින් සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී තම රාජකාරී ගිනිඅවියෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.

පසුව නැවතත් සුපුරුදු පරිදි අදාළ ලේකම්වරයාගේ නිවසට ගොස් රාජකාරියේ නිරතව සිටියදී සැකකාර කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක්ද ලබාගැනීමට නියමිත බවයි.

මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site