Home News International ලොව වැඩිම කලක් ජීවත් වූ පුද්ගලයා මියයයි

ලොව වැඩිම කලක් ජීවත් වූ පුද්ගලයා මියයයි

221 views
SHARE

මෙතෙක් ලොව වැඩිම කලක් ජීවත් වූ පුද්ගලයා බවට සැළකෙන ‘ගොතෝ සීයා’ මිය ගිය බව ඉන්දුනීසියාවේ මාධ්‍ය අනාවරණය කරනවා.

මධ්‍යම ජාවා කලාපයේ සිය ගම්මානයේදී අවසන් හුස්ම හෙලූ ඉන්දුනීසියානු ජාතික සොදි මෙජ්ජෝ ගේ (ගොතෝ සීයා) වයස අවුරුදු එකසිය හතළිස් හයක්.

ඔහුගේ ලියකියවිලි වලට අනුව ඔහු ඉපදී ඇත්තේ 1870 වසරේ දී බවයි වාර්තා වන්නේ.

එහෙත් ඉන්දුනීසියාවේ අලුත උපන් දරුවන් ගේ නම් ලේඛන ගත කිරීම ආරම්භ කර ඇත්තේ 1900 වසරේ බව වාර්තා වනවා.

නිල වාර්තාවලට අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැළකෙන ඉතාලියේ එමා මොරානෝ පසුගිය අප්‍රේල් 16 වෙනිදා දිවියෙන් සමුගත් නමුත් නිසි පරීක්ෂාවකට ලක් කර සොදි මෙජ්ජෝ ගේ වයස තහවුරු කර ගැනීමට හැකි වුව හොත් ඔහු එමා මොරානෝට වඩා වයසින් වැඩි බවට වාර්තා අතරට එක් වනු ඇති බව ඉන්දුනීසියාවේ මාධ්‍ය සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site