Home News Breaking හුංගම ද්විත්ව ඝාතනයට පවුලේම දෙදෙනෙකු පිලිබඳ සැකයක්

හුංගම ද්විත්ව ඝාතනයට පවුලේම දෙදෙනෙකු පිලිබඳ සැකයක්

472 views
SHARE

හම්බන්තොට – හුංගම – ගුරුපොකුණ – දකුණු බටඅත ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලේ සමීපතමයින් දෙදෙනෙකු පිළිබද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ, මොවුන්ගේ පසු හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ඊයේ උදෑසන සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් මිය ගියේ 32 හැවිරිදි පස් මස් ගැබිණියක් සහ ඇයගේ 72 හැවිරිදි මවයි.

මොවුන් දෙදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ සිදුකෙරුණු අතර එහිදී අනාවරණ වූයේ මිය ගිය පස් මස් ගැබිණියගේ උදර ප්‍රදේශයට තියුණු ආයුධයකින් ප්‍රහාර 12ක් පමණ එල්ල වී ඇති බවයි.

එමෙන්ම මිය ගිය මවට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීම් 8ක් පමණ දක්නට ලැබෙන බව ද එහිදී අනාවරණ වුණා.

මොවුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site