Home C Gossip මව රෝහල් ට්‍රොලියට නගිනවිට දරුවා ප්‍රසුත වී බිම වැටී මරුට

මව රෝහල් ට්‍රොලියට නගිනවිට දරුවා ප්‍රසුත වී බිම වැටී මරුට

687 views
SHARE

ප්‍රසූත වේදනාවෙන් සිටි මවක් ත්‍රිරෝද රථයකින් පිඹුර මූලික රෝහලට ගෙනැවිත් ඇති අතර ඇය ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගිනවිට දරුවා බිහිවී බිම පතිතවීම නිසා මිය ගියැයි කියන සිද්ධියක් කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය වුණා.

එසේ මියගොස් ඇත්තේ ගීකියනකන්දවත්ත ඉහළ කුඩලිගම කොටසේ පදිංචි ජෝදි මෝහන කුමාරි (අවු.34) යන අයගේ දෙවැනි පිරිමි දරුවායි.

වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති ඉදිරියේ පැවැති එම හදිසි මරණ පරීක්ෂණයේදී ගීකියනකන්දවත්තේ පදිංචි කන්තන් වසන්ත කුමාර (අවු.22) යන අය සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියා.

“මියගොස් ඇත්තේ මගේ අක්කා බිහි කළ දරුවායි.

සිද්ධිය වූ දින ප්‍රසූත වේදනාවෙන් සිටි අක්කාත් මාත් නැන්දාත් ත්‍රිරෝද රථයකින් පිඹුර රෝහලට ගෙන ආවා.

අක්කා ත්‍රිරෝද රථයෙන් බැස රෝහලේ ට්‍රොලියට නගින්න හදනවිට ඇය ප්‍රසූත කර සිටි දරුවා බිම ඇද වැටුණා.

පසුව රෝහල් කාර්යමණ්ඩලය අක්කාත් දරුවාත් නාගොඩ රෝහලට යැව්වා. දරුවා එහිදී මිය ගියා.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළ කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. එස්. අත්තනායක මළ සිරුරේ අස්ථි කොටස් ඉදිරි පරීක්ෂණ සඳහා කළුතර මහ රෝ‍හලේ පරීක්ෂණාගාරයට යවා තිබෙනවා.

ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ගේ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේ පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site