Home News Sports ඇලන් ඩොනල්ඩ් නව තනතුර ගැන කියපු දේ

ඇලන් ඩොනල්ඩ් නව තනතුර ගැන කියපු දේ

171 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නන්ගේ නව උපදේශක ඇලන් ඩොනල්ඩ් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මධ්‍ය හමුවකදී ය.

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

වේග පන්දු යවන්නන්ගේ උපදේශක ඇලන් ඩොනල්ඩ් මෙසේ අදහස් දැක්විය,

“මෙවැනි තනතුරක් ලබා දීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. එංගලන්තයට යන ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කිරීමට ලැබීම සතුටක්. මම උනන්දුවෙන් බලා ඉන්නවා මට මේ ලැබිලා තියෙන අභියෝගය පිළිබඳව. මම වැඩ භාර ගත්ත කියලා හැම දේම එක පාර වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ. ඊළඟ සති කිහිපය තුළ මම සෑම ක්‍රීඩකයෙකුව නිරීක්ෂණය කරනවා”

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site