Home News Breaking ගීතා මන්ත්‍රී ධූරය වෙනුවෙන් ඉහලට යන්න සුදානම්

ගීතා මන්ත්‍රී ධූරය වෙනුවෙන් ඉහලට යන්න සුදානම්

167 views
SHARE

තමාට මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ලැබුණ අධිකරණ තීන්දුවට එරෙහිව අදම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කරන බව ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසයි.

තමාට ආදරය කරන ඡන්දදායකයින්ට කලබල නොවන ලෙස දැනුම්දෙන බවත්, සාධාරණයක් අපේක්ෂාවෙන් කටයුතු කිරීමට තවත් අවස්ථාවක් තිබෙන බවත් ඇය කියා සිටියේ අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

තමන් ඉහළ අධිකරණයට අභියාචනා කරන බැවින් එකී තීන්දුව ලැබෙනතුරු තමාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බව තම ඡන්දදායකයින්ට පවසන බව ඇය අවධාරණය කළාය.

කෙසේ වෙතත් මෙය ජනතා පරමාධිපත්‍යයට වැදුණු දැවැන්ත පහරක් බවත්, බොහෝ පිරිසිදු ඡන්දවලින් දකුණු පළාතම නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරිය ලෙස තමා තේරී පත්වූ බවත් ඇය සිහිපත් කළාය.

එබැවින් මෙයින් දැවැන්ත අසාධාරණයකට මුහුණදීමට සිදුව ඇත්තේ ඡන්ද දායකයින්ට බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site