Home C Gossip JVP මැයි රැලියට සහභාගී වූ කාන්තාවක් ධාවනය වෙමින් තිබු බස් රියෙන් අධිවේගයට...

JVP මැයි රැලියට සහභාගී වූ කාන්තාවක් ධාවනය වෙමින් තිබු බස් රියෙන් අධිවේගයට පැන්න හේතුව

4,305 views
SHARE

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියට ගොස් ආපසු එමින් සිටියදී සිය සැමියා සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයකින් කාන්තාවක් එළියට පැන තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ එම කාන්තාව ඊයේ මැයි මස (02) අලුයම ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තත්වය බරපතල වීම හේතුවෙන් පසුව දැඩිසත්කාර ඒකකයට මාරු කර තිබෙනවා.

වැලගම දෙනිපිටියේ පදිංචි සිටි මෙම කාන්තාව සහ සැමියා ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වී එම පක්ෂයේ ආධාරකරුවන් ගමන්ගත් බස් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිගම බලා එමින් සිටියදී පැමිණි දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මේසේ රාත්‍රී 11.20ට පමණ මෙම කාන්තාව දක්ෂිණ අධිවේගී මාර්ගයේ හැත්තෑහය වැනි කිලෝමීටරය අසලදී බස්රථයෙන් පැන තිබෙනවා.

විසි දෙහැවිරිදි වියේ පසුවන කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර රෝහල් ‍පොලීසිය සහ අධිවේගී මාර්ග ‍පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site