Home News Breaking හෙට කොළඹට යන අය පරෙස්සමෙන් යන්න – මෙන්න හේතුව

හෙට කොළඹට යන අය පරෙස්සමෙන් යන්න – මෙන්න හේතුව

1,554 views
SHARE

හෙට (04) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලීස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා.

කොළඹ නාගරික රථ වාහන මූලස්ථානයේ නිලධාරීන් සහ සිලෝන් මෝටර් ට්‍රේඩින් ආයතනය එක්ව මෙම විශේෂ රථ වාහන සැලසුම ක්‍රියාත්මක කරන බවයි පොලීස් මූලස්ථානය නිවේදනය කළේ.

මෙහිදි මංතීරු නීතිය කඩකරන සහ මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන් සම්බන්ධයෙන් නඩු ලබාගැනීම් සිදුකෙරෙන අතර මේ සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇති.

එම සංචාරවලදී මාර්ග නීති හෝ මංතීරු නීති කඩ කරන රථ වාහන දුටුවහොත් ඒ පිළිබඳව ගමන් කථන මඟින් කොළඹ රථ වාහන මූලස්ථානයට දැනුම් දෙන අතර එහිදී රාජකාරීයේ යෙදි සිටින නිලධාරින් විසින් නඩු ලබාගැනීම් සිදුකිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම විශේෂ මෙහෙයුමේ දී දඩපත් ලබාදිමට හැකි වරද සඳහා දඩපත් නිකුත් කෙරෙන අතර අනෙකුත් වැරදි සදහා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීස් මුලස්ථානය සඳහන් කළා.

කොළඹ නගරයෙන් පමණක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site