Home News Breaking කුඩා දරුවෙක් හා පුද්ගලයෙක් පැහැර ගනියි

කුඩා දරුවෙක් හා පුද්ගලයෙක් පැහැර ගනියි

192 views
SHARE

ගම්පොළ බස් නැවතුම් පොළට ආසන්නයේ ගඟවට පාර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දෙක හමාරක පමණ කුඩා දරුවෙක් හා ඇයගේ මාමා වන වයස අවුරුදු 26 ක පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

තරුණ පුද්ගලයා බදුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මහනුවර රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

දහවල් කෑම ගැනීමෙන් අනතුරුව නිවෙස බලා එන විට මෙම සිදු වීම සිදුව ඇති අතර පස්වරු 3.30 ට පමණ දුරකථන ඇමතුමක් මඟින් මොවුන් දෙදෙනා පැහැර ගත් බව පවසා තිබෙනවා.

ඉන් අනතරුව සවස 6 ට නැවත වරක් පැහැරගත් පිරිස දුරකථන ඇමතුමක් ලබා දෙන බව පැවසුවද එසේ නොවීම නිසා මොවුන්ගේ නිවෙස්වල අය ගම්පොළ පොලීසිය වෙත මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කල බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site