Home News Breaking ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක්‌ හදන්නේ නෑ – අගමැති කියයි

ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක්‌ හදන්නේ නෑ – අගමැති කියයි

276 views
SHARE

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක්‌ සෑදීමේ අවශ්‍යතාවක්‌ රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රජය කටයුතු කරනුයේ ත්‍රිවිධ හමුදාවේ ශක්‌තිය හා ධෛර්යය දියුණු කිරීමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්‌ථාවේදී ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා ආරක්‍ෂක ප්‍රධානියා කර වෘත්තීය අරගලවලට මුහුණ දීමේ විශේෂ බළකායක්‌ සෑදීමට ජනාධිපතිවරයා යෝජනා කළ බවට පවසා ඇතැයි කී විජිත හේරත් එය සත්‍යයක්‌ දැයි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනු ලැබුවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවා.

“ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ත්‍රිවිධ හමුදා මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කිරීමට යෝජනාවක්‌ ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක්‌ අමාත්‍ය මණ්‌ඩලය විසින් ගෙන නැහැ.

2017 අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වූ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යැම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී කැබිනට්‌ මණ්‌ඩලය විසින් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්‌ඩව පවත්වා ගෙන යැම සහතික කිරීම සඳහා ඉහළ මට්‌ටමේ කමිටුවක්‌ පත් කිරීමේ වගකීම ජනාධිපතිතුමා හා මා වෙත පවරනු ලැබුවා.

දැනට ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙමින් යනවා. සරත් ෆොන්සේකාටත් ඉන් යම් වගකීම් කොටසක්‌ පැවරීමට තීරණය වුවහොත් ඒ අනුව ක්‍රියා කරන බව කියන්න කැමතියි.”

මෙහිදී විජිත හේරත් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා එවන් යෝජනාවක්‌ කළාද නැද්ද යන්නයි.

ඊට යළි පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැබිනට්‌ සාමුහික වගකීම මත කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී සාකච්ඡා කළ දේ තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි.

මාධ්‍ය විසින් කැබිනට්‌ මාධ්‍ය සාකච්ඡාවේදී නොයෙක්‌ ප්‍රශ්න කැබිනට්‌ ප්‍රකාශකගෙන් අසා තමන්ට අවශ්‍ය දේ පමණක්‌ පළ කරන බව කී අග්‍රාමාත්‍යවරයා රාජිත සේනාරත්න මෙරටට පැමිණි පසුව ඔහු ඒ බව ප්‍රකාශ කරනු ඇතැයි ද කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site