Home C Gossip මවගේ හා දියණියගේ මරණයත් සමඟ සැමියාගේ කමිසය මාරුවුයේ ඇයි ?

මවගේ හා දියණියගේ මරණයත් සමඟ සැමියාගේ කමිසය මාරුවුයේ ඇයි ?

4,255 views
SHARE

සූරියවැව හුංගම මවක හා ගැබිණි දියණියක නිවසකදී අමානුෂික ලෙස ඝාතනය වූ සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඝාතනයට ලක්වූ 72 හැවිරිදි සිරියාවතී කාරියවසම් සහ ඇගේ දියණිය වන 35 හැවිරිදි යමුනා කාරියවසම් යන දෙදෙනා සිද්ධිය වූ 02 වනදා පිළියන්දල ප්‍රදේශයේ ඥාති නිවසකට යාමට සූදානම්ව සිට ඇති අතර එහි ගොස් පසුව වෛද්‍ය ප්‍රතිකාර සේවා (චැනලින්) සඳහා යාමට කොළඹ පුද්ගලික රෝහලක
වේලාවක් ද වෙන්කරගෙන තිබෙන බව වාර්තා වනාව.

ඝාතනයට ලක්වූ යමුනා (35) සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් පසුවූ අතර ඇයගේ දරු ගැබට මාස 5 ක් බවද අනාවරණය වුණා.

රැකියාවක් නොකරන ඇගේ සැමියා සම්පත් (36) “හම්බන්තොට ටෙක්” එකේ වායුසමීකරණ හා ශීතකරණ පාඨමාලාවක් හදාරා රැකියාවකට යාමට අපේක්ෂාවෙන් පසුවී තිබෙනවා.

ඔහුත් බිරියත් අතර පසුගිය දිනවල ආරවුල් පැවති ඇති අතර නැන්දම්මා සමගද ඔහු වාද විවාද කළ බවයි විමර්ශනවලදී සාක්ෂි ලැබී තිබෙන්නේ.

සිද්ධියවූ දවසේ සම්පත්ගේ පරස්පර ප්‍රකාශයන් පොලිසියේ සැකයටද බඳුන්වීම නිසා මෙම ඝාතන පසුපස ඔහුගේ සම්බන්ධයක් තිබේද යන්න ගැන බරපතල සැකයක් මතුවී ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වෙත පැමිණෙන විට සම්පත් ඇඳ සිට ඇත්තේ ටීෂර්ට් එකක් වන අතර ඔහු ටෙක් එකට යද්දී ඇඳ සිට ඇත්තේ කමිසයකි.

“මම ටෙක් එකට ගිහින් ආපසු වේලාසනින් ගෙදර ආවා මම ස්කුටර් එකෙන් ඇවිත් ෂර්ට් එකේ බොත්තන් ගලවා ගලවා ගේ ඇතුළට ගියා. එතකොට මම දැක්කා මගේ නෝනයි. අම්මයි ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා. මම ෂර්ට් එක ගලවලා ගේ ඇතුළේ දාලා බැනියම පිටින් අල්ලපු ගෙදර ඉන්න මාමාට ගිහින් කිව්වා මාමත් ඇවිල්ලා බලලා මේ අය මැරිලා පොලිසියට ගිහින් කියන්න කිව්වා. ඊට පස්සේ තමයි පොලිසියට ආවේ.”

ඝාතනය වූ ස්ථානයතුළ පරීක්ෂණ කටයුතු සිද්ධ වන අතර තුර ඝාතනයට ලක්වූ යමුනාගේ සැමියා කියූ පරිදි ඔහු විසින් ගලවන ලද කමිසය ඔහුගේ ස්කුටර් එකේ පෙට්ටිය තුළ සඟවා තිබී ඔහු ලබා දී තිබෙනවා.

එහිදී පොලිසිය ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔහු නිරුත්තර වූ බව පොලිසිය සඳහන් කළා.

මෙවැනි ඝාතනයක් සිදුවූ අවස්ථාවක ඔහු කමිසය සඟවන්න උත්සාහ කිරීම සැකයට බඳුන්ව තිබෙනවා.

එමෙන්ම යමුනා කාරියවසම්ගේ සැමියා වෘත්තීය පුහුණු අධිකාරියෙන් පිටවූ ආකාරය ගැන පරීක්ෂා කිරීමේදී ඔහු පිටව ඇත්තේ අවසර ගෙන නොමැතිව බවත් වෙනදා ඔහු පිටව යන්නේ නම් අවසර ගෙන ගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මූලික පරීක්ෂණ තුළින් ඝාතනයට ලක්වූ යමුනාගේ උදරයේ සහ ශරීරයේ වෙනත් ස්ථානයන්හි කැපුම් තුවාල 11ක් පමණද මවගේ ශරීරයේ කැපුම් තුවාල 20ක් පමණද තිබූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වුණා.

මෙම ඝාතන සඳහා සෙන්ටිමීටර් දෙකක් පමණ පළල පිහියක් යොදාගෙන ඇති බවට සැක කෙරෙනවා.

නිවස කොල්ල කෑමට උත්සාහ කළ අයෙකු ඝාතනයද කර ඇතිය වැනි දෙයක් අඟවන්නට උත්සාහ ගෙන ඇති නමුත් යම් අයකු නිවෙස කොල්ල කෑමට පැමිණියේ නම් මෙතරම් ආමානුෂික අන්දමින් ඝාතනයක් සිදු කරාවිද? යන්න පොලිසියේ අවධානය යොමු වී තිබෙනවා.

විශේෂයෙන්ම ගැබිණියගේ ඝාතනය සිදු කර ඇත්තේ ඇගේ උදරය ඉලක්ක කරගෙන දරු ගැබට හානි කරමින් නිසා මෙය හිතාමතා කරන ලද අපරාධයක් ලෙස හඳුනාගන්නට ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛ ජෙසික්ගේ ඉව ඇල්ලීම අනුව එම නිවස පිහිටි වත්තේ තිබී රන් ආභරණ බහාලූ බඳුනක් හා කැත්තක් හඳුනාගන්නට හැකිව ඇති අතර සුනඛයා ඒවා ඉව කර අවස්ථා තුනකදීම නැවත එම වත්තේම එකම ස්ථානයක නතරවී තිබෙනවා.

එම ස්ථානයේ ජල කරාමයක් තිබී ඇති අතර ඝාතන සිදු කරන ලද අයෙකු එම ජල කරාමයෙන් ලේ තැවරුණු අත් සෝදා ඇති බවට හඳුනාගන්නට ලැබී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එම රුධිර කොටස් සහ නිවසේ තිබී හඳුනාගත් ඇඟිලි සලකුණු පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇතැයි වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site