Home C Gossip Facebook ලොක්කා දුකෙන් හේතුව මෙන්න

Facebook ලොක්කා දුකෙන් හේතුව මෙන්න

2,714 views
SHARE

Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, Facebook සජීවි විශේෂාංගය හරහා ඇතැම් පුද්ගලයින් ඔවුන්ගේ මෙන්ම අන් අයගේ ද සිත් රිදවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවයි.

ඔහු එම Facebook සටහන මගින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නවතම තීරණය අනුව සිය ප්‍රජාවට බලපාන ගැටලු සහගත වීඩියෝ සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි පිළිබඳ වහාම ක්‍රියාත්මක වී ආදාළ වීඩියෝ වෙබ් අඩවියෙන් ඉවත් කිරීම සඳහා කාර්ක්ෂමව සහය වීමට තම සමාගමට නවකයින් 3000ක් බදවා ගැනීමට බලාපොරොත්තුවන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පුද්ගලයෙකු ඝාතනය කරන අවස්ථාවක් ෆේස්බුක් ඔස්සේ සජීවිව විකාශය කෙරුණු අතර තායිලන්තයේ පුද්ගලයෙකු සිය සිගිති දියණිය ඝාතනය කර ඔහු ද සියදිවි නසා ගන්නා දර්ශන පෙළක් ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කර තිබුනා.

Facebook ආයතනය ඉදිරියේදී මිලියන ගණනක් වූ සිය සාමාජිකයින්ගෙන් ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ද හඳුන්වා දීමට නියමිතයි.

සෑම සතියක් ම පාහේ Facebook සාමාජිකයින්ගෙන් ඉදිරිපත් වන පැමිණිලි ගණන මිලියන ගණනක් වන අතර නව මෙහෙයුම් කාර්ය මණ්ඩලය වැඩි කිරීම තුළින් පීඩාවට පත් වන පුද්ගලයින්ට නීති ක්‍රියාත්මක කරන ආයතනවලට සම්බන්ධ කර දීමට සහ සිය ප්‍රජාව සුරක්ෂිත කිරීමට උදව් වනු ඇති.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site