Home News Breaking විද්‍යාල භූමියක පිපිරීමක්

විද්‍යාල භූමියක පිපිරීමක්

501 views
SHARE

කුරුණෑගල, ගැට්ටුවාන මහින්ද විද්‍යාලයේ ඊයේ (04 ) දහවල් සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ දහවල් 12.50 ට පමණ විද්‍යාලය භූමියේ පිහිටි එළිමහනක සිසුන් පිරිසක් ක‍්‍රීඩා කරමින් සිට ඇති අතර ඔවුන් අතරින් මෙම පිපිරීම සිදුවී ඇති බවයි වාර්තා වුණේ.

මෙම පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ එම විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්. එම්. කවිදු දිල්ෂාන් සහ මාලක සංජීව නැමැති සිසුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ සිසුන් කුරුණෑගල, කිරිවවුල සහ ඉබ්බාගමුව, බොලගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

ටෙනිස් බෝලයකට සමාන යම් ද්‍රව්‍යක් පාසල් මිදුලේ වැටී තිබියදී සිසුන් කිහිපදෙනෙකු විසින් එය අහුලාගත් බවත්, ඔවුන් විසින් එය බිම ගැසූ නමුත් කිසිදු වෙනසක් සිදුනොවීම හේතුවෙන් තුවාල ලබා සිටින සිසුන් දෙදෙනා විසින් අසල තිබූ මල්පෝච්චියක එය ඇතිල්ලූ බවත් සිද්ධිය ඇසින් දුටු සිසුහු කිහිපදෙනෙකු කියා සිටියා.

එම පිපිරීමේදී නිකුත් වූ විශාල ශබ්දය හේතුවෙන් තමන්ගේ කන් අගුල් වැටුණු බවත්, විශාල දුමකින් පාසල් භූමිය පිරී ගිය බවත් එම සිසුන් කියා සිටියා.

පිපිරීමෙන් පසුව අදාල ද්‍රව්‍ය මල් පෝච්චියේ අතුල්ලමින් සිටි සිසුන්ගේ දෑත්වලින් ලේ ගලායනු තමන් දුටු බවද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

පිපිරීම පිළිබදව අදහස් දැක් වූ මහින්ද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඩී. ඒ. ධර්මවංශ සදහන් කළේ තමන් කාර්යාලයේ සිටියදී දහවල් 12.50 ට පමණ පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්, පිපුරුම් හඩ ඇසුණු දෙසට තමන් දිවයද්දී තුවාල ලැබූ සිසුන් මව්පියන් විසින් ඔසවාගෙන යන ආකාරයත් ඔහු දුටු බවයි.

දහවල් මහින්ද විද්‍යාලයට පැමිණි රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිපිරීම සිදු වූ ස්ථානය සහ පිපුරුණු ද්‍රව්‍යයේ සුන්බුන් පරීක්ෂාවට ලක් කළ අතර එය වන අලි ඝාතනය කිරීම සදහා යොදාගන්නා හක්කපටස් වලට සමාන පුපුරන ද්‍රව්‍යයක් පාසල් භූමියේදී පුපුරාගොස් බවට එහිදී අනුමාන කර තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය පිපිරීම පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site