Home News Breaking ගීතාට තවත් ප්‍රශ්නයක්

ගීතාට තවත් ප්‍රශ්නයක්

372 views
SHARE

ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි නිසා ඇය වෙත තීරු බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනයට අදාළ බදු මුදල් වහාම අයකර ගැනීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.

මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සහ කථානායකවරයාගෙන් කැෆේ සංවිධානය ලිඛිතව මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ වෙත රජයෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති අතර ඒ සඳහා තීරු බදු සහන ලබා දී ඇති බවත් එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරනවා.

එබැවින් හැකි ඉක්මනින්, ගීතා කුමාරසිංහගේ රථයට අය විය යුතු රජයේ බදු මුදල් ද, එයට අය විය යුතු අධිභාරය ද අය කර ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි කැෆේ සංවිධානය ඉල්ලා සිටින්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site