Home News Breaking අද අරඹන වැඩවර්ජනයට මොකද වුණේ?

අද අරඹන වැඩවර්ජනයට මොකද වුණේ?

393 views
SHARE

සයිටම් ආයතනය මුළුමනින්ම ජනසතු කිරීම ඇතුළු කාරණා තුනක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රට පුරා රජයේ රෝහල්වල දීපව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනය අද (05) උදෑසන 8 සිට ආරම්භ කල බව වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම වැඩ වර්ජනයට වෘත්තීය සමිති 100 ක පමණ ඍජු දායකත්වයක් ලබාදෙන බවත් වෘත්තීය සමිති 161 ක සහාය මේ සඳහා ලබාදෙන බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළා.

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු හා ශල්‍යකර්ම සිදු කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති බවත් වැඩ වර්ජනය හේතුවෙන් කිසිදු රෝගියකුගේ ජීවිතයට හානියක් වීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

මේ අතර, දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ද එක්දින සංකේත වර්ජනයක් මීට සමගාමීව ආරම්භ කර ඇති බවයි.

මේ හේතුව නිසා අද උදෑසන සිට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රියන් රැසක් මේ වනවිට අවලංගු කර තිබෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site