Home News Breaking ඒකාබද්ධ රැලිය ගැන ශ්‍රී.ල.නි.පක්ෂයේ මහලේකම් C NEWS සමග කතා කලේ මෙහෙමයි

ඒකාබද්ධ රැලිය ගැන ශ්‍රී.ල.නි.පක්ෂයේ මහලේකම් C NEWS සමග කතා කලේ මෙහෙමයි

3,230 views
SHARE

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයට කල අභියෝගය ඔවුන් ජය ගනිමින් ගෝල්ෆේස් එක මිනිස්සුන්ගෙන් පිරෙව්වා නේද?

ගෝල්ෆේස් එකට සෙනඟ පුරවන්න කියලා කව්ද අභියෝග කලේ. අපි නම් අභියෝග කලේ නැහැ.

ශ්‍රී.ල.නි.පක්ෂයේ ප්‍රබල ඇමතිවරු එ් සම්බන්ධව අභියෝග කරන අන්දම මාධ්‍යවල පල වුනා නේද ?

මම නම් එහෙම අභියෝගයක් කරලා නැහැ.

එහෙනම් පක්ෂයේ පිරිස් කරපු අභියෝගය ගැන ඔබ දරන මතය කුමක් ද ?

අපේ පක්ෂයෙනුත් එහෙම අභියෝග කරලා නැහැ. මොකද ඒ අය අපිට අභියෝග කරන්න තරම් කට්ටියක් නෙවෙයි.ජී එල් පීරිස් ගේ පක්ෂය පවත්වපු මැයි දිනය සඳහා කල රැස්වීම ගැන අපිට හිතන්නවත් ඕනකමක් තිබුනෙ නැහැ.

ශ්‍රී.ල.නි.පක්ෂයේ ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ බහුතරය සිටින්නෙ වර්තමාන ජනපති සමඟ නොව හිටපු ජනපති සමඟ කියන කාරණය ඒකාබද්ධ මැයි රැලියට එක් වූ ජනතාවගෙන් පැහැදිලි වෙනවා නේද?

නැහැ. වැරදි මිම්මක්නේ එක. ප්‍රධානම කාරණය තමයි ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියක් තිබුණෙ නැහැ. ඒ පිට්ටනිය වෙන් කරගෙන තිබුණෙ පොදුජන පෙරමුණ පක්ෂය නමින්. ඒ නිසා එම රැලිය පැවැත්වීම සඳහා අවසර ලබා දුන්නෙත් පොදුජන පෙරමුණට. හිටපු ජනාධිපතිතුමා එතුමාට ජනතාවගේ තිබෙන ආදරය, ගෞරවය සහ එතුමාගේ තිබෙන ආකර්ශනය පාවිච්චි කරලා ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයො මුලාවේ දැමීමක් පලමුවරට කලා.
මෙච්චර කාලයක් එතුමා ඒකාබද්ධ විපක්ෂයේ නම පාවිච්චි කරලා පෙලපාලි ගියා රැස්වීම් තිබ්බා. නමුත් මෙවර පොදුජන පෙරමුණේ මැයි රැලියට තමයි ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයො අරගෙන ආවෙ. පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂයේ යොදා තිබෙන්නෙ මහින්ද රාජපක්ෂගෙ පින්තූරෙ. එක පොදුජන පෙරමුණේ ලාංඡනය නෙවෙයි. අනෙකුත් පක්ෂවලට රැලියට ආරාධනා කර තිබුනෙත් එතුමා. තමන් ශ්‍රී.ල.නි.පක්ෂයේ කියලා පෙන්වනවා නම් ඔවන් රැදෙන්න ඕනෙ ශ්‍රී.ල.නි.පක්ෂයේ රැළියෙයි. පොදුජන පෙරමුණේ රැස්වීමට ශ්‍රී.ල.නි.පක්ෂයේ මිනිස්සු ගෙනිහිල්ලා ශ්‍රී.ල.නි.පක්ෂයේ ගම් මට්ටම බිම් මට්ටම ගැන කතා කරන එක මහා බොරුවක්.ශ්‍රී.ල.නි.පක්ෂයේ ගම් මට්ටම බිම් මට්ටම තියෙන්නෙ ශ්‍රී.ල.නි.පක්ෂය එක්කයි.

ඔබ එසේ ප්‍රකාශ කලත් පොදුජන පෙරමුණේ මැයි රැලියට ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයින් සහභාගී වීම ප්‍රශ්නයක් නෙවෙයි ද?

මහින්ද රාජපක්ෂට ශ්‍රී.ල.නි.පක්ෂය රකින්න වුවමනාවක් නැහැ.එතුමාට
අවශ්‍ය වෙලා තියෙන්නෙ නැති වූ බලය නැවත ලබා ගැනීමයි. මහින්ද රාජපක්ෂ ගේ වැඩ වලින් ශ්‍රී.ල.නි.පක්ෂයේ පාක්ෂිකයො තවදුරටත් රැවටීමට ලක් වෙයි කියලා මම නම් විශ්වාස කරන්නෙ නැහැ.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී.ල.නි.පක්ෂයේ මැයි රැලිය වර්ජනය කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කල මැයි රැලියට එක් වූ මහින්ද රාජපක්ෂ පුමුඛ මන්ත්‍රී වරුන්ට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද?

මධයම කාරක සභාව රැස් වෙලා තමයි ඒ පිලිබඳව තීරණය කල යුතු වෙන්නෙ. කාටත් පොදු තීන්දුවක් තමයි මධ්යම කාරක සභාවෙන් ගන්නෙ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෝල්ෆේස් මැයි රැලිය අමතමින් වර්තමාන රජයට එල්ල කල අභියෝගය ජය ගැනීමට ශ්‍රී.ල.නි.පක්ෂයේ ඔබලා සූදානම් ද?

ඒ රැස්වීම පිලිබඳව අපි අවධානය යොමු කර තිබුණෙ නැහැ. නමුත් මාධ්‍ය වලින් දැක්කා ඔවුන් හර්තාල්කරලා ආණ්ඩුව ගන්න බව කියලා තිබුණා. ඒ පිලිබඳව මට තියෙන්නෙ හිරිකිතයක් සහ ලොකු කණගාටුවක් ඒ වගේම මහින්ද රාජපක්ෂ කණ්ඩායම ගැන ලොකු දුකක්. මහින්ද රාජපක්ෂලා සමඟ අපි ආණ්ඩු කරලා රටට වැඩක් කරන්න අපිට කියලා අපේ අදහසක් තිබුණා. හැබැයි මහින්ද රාජපක්ෂ ඇතුලු මේ කණ්ඩායම අවුරුදු දෙකක් තුල හර්තාල් කරලා ආණ්ඩුව පෙරලන්න ඕනෙ කියලා කියනවානම් මේ කරන්න හදන්නෙ රටේ ව්යවස්ථාව , නීතිය උල්ලංඝනය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තමන්ට නැති වූ බලය රැකගන්නයි උත්සාහ කරන්නෙ. කූඨ උපක්‍රම වලින් බලය ලබා ගන්න යද්දි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මොකද වෙන්නෙ. මේ වගේ පිරිසකට රටක් බාර දුන්නොත් මොනවා වෙයිද. රටේ නීතියට ප්‍රජාතන්ත්‍රවාදයට වගේම බහුතරයේ කැමැත්තට පටහැනිව කටයුතු කරනවා නම් ඒ හැම දේකටම උත්තර දෙන්න අපි දන්නවා. ඒ ඒ බනිස ගෙඩිවලට ඒ එ කෙසෙල් ගෙඩිවලින් උත්තර දෙන්න අපි සූදානම්.

මේ මැයි රැලිය සහ පෙළපාලි සමඟ ශ්‍රී.ල.නි.පක්ෂයේ මෛත්රීපාල සිරිසේන පාර්ශවය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය යලි එකට එකතු කල නොහැකි අයුරින් දෙකඩ වී ගියා නේද?

අපේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී.ල.නි.පක්ෂය එකතු කරන්න. හැබැයි ශ්‍රී.ල.නි.පක්ෂය ඇත්තටම දෙකඩ කරන්නෙ කව්ද කියන කාරණය මේ මැයි පෙලපාලියෙන් පැහැදිලි වුනා. ශ්‍රී.ල.නි.පක්ෂය ඇතුලෙ අර්බුදයක් තියෙනවා නම් යම් කෙනෙකුට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියක් තියෙනවා. වෙනත් පක්ෂයක මැයි රැලියකට සම්බන්ධ වීමෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු නඩේ සියලු දේ කලේ දැනගෙන කියන එකනම් පැහැදිලියි.

සංවාද සටහන : C NEWS ආශ් වරු

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site