Home News Breaking අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි

191 views
SHARE

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එළඹෙන මැයි 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේනවා.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත මෙලෙස ඔහුට මෙලෙස සිතාසි නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

මහාචාර්ය සරත් විජේසූරිය හා ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හා එස්. තුරෙයි රාජා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව ඉකුත් ජනවාරි 31 අභියාචනාධිකරණය විසින් තීන්දුවක් ලබාදුන් බවයි.

එසේ තිබියදී පසුගිය 07 දා කොළඹ පැවති මහජන සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අදාළ නඩු තීන්දුව විවේචනය කරමින් කරුණු දක්වා ඇති බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා පෙන්වාදී තිබේ.

ඒ තුළින් පාදෙණිය වෛද්‍යවරයා අධිකරණයට බරපතළ අපහාසයක් කළ බවත්, එයින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සම්කරුවන් චෝදනා කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවත්වා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව අප වාර්තාකරු පවසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් මැයි මස 22 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත සිතාසි නිකුත් කළ අතර පෙත්සම් විභාගය අවසන් වනතුරු අධිකරණයට අපහාස වන ප්‍රකාශ නිකුත් නොකරන ලෙස තවත් අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ තිබේ.