Home C Gossip දේවත්වයෙන් සලකන වෛද්‍යවරුම නරුමයෝ වූ හැටි මෙන්න

දේවත්වයෙන් සලකන වෛද්‍යවරුම නරුමයෝ වූ හැටි මෙන්න

1,196 views
SHARE

පසුගිය දා කරාපිටිය රෝහලේ සිදු කල දරු ප්‍රසූතියකින් දින දෙකකට පසු ප්‍රසූත කරවූ බිලිඳා මිය ගිය පුවතක් වාර්තා වනවා.

බිළිඳාගේ මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී මව විසින් වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ගාල්ල ගොඩකන්ද පදිංචිව සිටි ගැබිනි මව නියමිත ප්‍රසූත දිනයට පෙර වොටර් බෑගය බිඳි යෑම නිසා 28 වන දින මෙසේ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

තත්වය බරපතලවීමත් සමඟ ඇයගේ ප්‍රසූතය 29 දින සිදුකිරීමට තිරණය කල බවයි වාර්තා වන්නේ.

අළුයම යොදා තිබූ සැත්කම සිදු කිරීමට නියමිතව සිටි වෛද්‍යවරයා උදෑසන 07 ට පමණ ”අපට නිදා ගන්නවත් දෙන්නේ නැහැ” කියමින් කෑ ගසාගෙන සැත්කමට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරව තව පැයක් තියනවා යැයි පවසමින් ‍තේ පානය සඳහා පිටව ගොස් තිබෙනවා.

තත්වය බරතල වු ගැබිනි මව ඒසැනින් හෙදිය වෙත දරුවා එළියට එනවා දැනෙනවා යැයි පවසා ඉන් පසුව 7.20 පමණ සැත්කම සිදුකර ඇති අතර වෛද්‍යවරයා පැමිණ තිබෙන්නේ උදෑසන 8.00 බව ඇය එම ප්‍රකාශයේදී දන්වා තිබෙනවා.

ඉන්පසු වෛද්‍යවරා සැත්කමට එක් වී ඇති අතර ඒම අවස්ථාවේදී ගැබිනි මවට ”මම එළියට යනකන්ද එළියට දාන්න හිටියේ” කියලා අසා ඇති අතර ඉන්පසු හිරිවැටීමේ බෙහෙත් එන්නත් කොට මැහුම් දැමීම සිදුකර තිබෙනවා.

සැත්කමින් පසු දරුවා සුව තත්වයෙන් සිටිය බවත් 29 සහ 30 යන දින දෙකෙහිම මව් කිරි ලබාදීමද සිදු කළ බව ඇයගේ ප්‍රකාශයේ සඳහන් වනවා.

පසුදින උදෑසන මැයි 01 වන දා බිළිඳා හෙදියන් විසින් පරික්ෂා කිරීමේදී මුහුණේ ඇති වී තිබෙන පැල්ලම් හේතුවෙන් දරුවා විගසින් රැගෙන් ගොස් කලබලයෙන් පරීක්ෂා කර ඇති බව වාර්තා වනවා.

ඉන් පසු කිසිවක් ප්‍රකාශ නොකළ හෙදියන් 11.30 පමණ දරුවා මිය ගිය බව මවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා මිය ගිය බිළිඳාගේ පියා වන ඉන්දික කුමාරසිංහ සාක්ෂි දරණ අතර බිළිඳාගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ කටයුතු සහකාර වෛද්‍ය නිලධාරීනී ඩී එ.එච්.සමාධි සිදුකරන අතර වැඩි දුර පරීක්ෂණ සඳහා බිළිඳාගේ සිරුරේ කොට ලබාගෙන ඇති අතර ඇයගේ වාර්තාවෙන් පසු මරණ පරීක්ෂණ තිරණය කල් දමා තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site