Home News International දිල්ලි සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම ස්ථිරවෙයි

දිල්ලි සමූහ දූෂකයන්ගේ මරණ දඬුවම ස්ථිරවෙයි

3,093 views
SHARE

2012 වසරේදී ඉන්දියාවේ දිල්ලි නුවරදී වෛද්‍ය සිසුවියක අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ චූදිතයන් සිය මරණ දඬුවම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල එරට ශේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

අක්ෂෙයි තකූර්, විනෙයි ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් යන චූදිතයන්ට 2013 වසරේදී එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කළත් ඔවුන් අධිකරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්,එරට ශේෂ්ඨාධිකරණ විනිසුරු ආර් භානුමතී එම ඇපෑල නිෂ්ප්‍රභා කරමින් පවසා සිටියේ මෙම අතිශය අමානුෂික අපරාධය ඉන්දීය සමාජයේ හෘද සාක්ෂිය සෙලවූ සිදුවීමක් බවයි.

මෙම අමානුෂික සමූහ දූෂණය ඉන්දියාව පුරා කාන්තා හිංසනයට එරෙහි හඬක් ඇති කළ අතර, ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති රට තුළ ස්ථාපිත කිරීමටද මුල්වුණා.

2012 දෙසැම්බර් මාසයේදී සිය මිතුරෙකු සමග චිත්‍රපටයක් නරඹා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී බස් රථයක් තුළදී ඇය මෙම අමානුෂික ඉරණමට ගොදුරු වූ අතර ඔහුගේ මිතුරාද දැඩි පහරදීමකට ලක්ව තිබුණා.

ජෝති සිං නම් වූ එම වෛද්‍ය සිසුවිය මෙම සිදුවීමෙන් දින 13කට පසුව මෙළොවින් සමුගත්තා.

මෙම සමූහ දූෂණයේ තවත් චූදිතයෙකු වූ රාම් සිං නමැත්තා 2013 වසරේදී සිරභාරයේ සිටියදීම ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ශේෂ්ඨාධිකරණයෙන් ලිඛිත ආයාචනයක් කිරීමට ඔවුන්ට අවස්ථාව පවතින අතර, එසේ නොමැති නම් ඔවුන්ට මෙම තීන්දුවෙන් ගැලවීමට ඇති එකම අවස්ථාව ජනාධිපතිවරයා විසින් ලබාදෙන සමාව පමණක් බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site