Home Diyawanna Susthara සුසිල්, ඩිලාන්, අමරවීර සෙට් එක මෛත්‍රී මහින්ද පූට්ටුවකට සැරසෙයි

සුසිල්, ඩිලාන්, අමරවීර සෙට් එක මෛත්‍රී මහින්ද පූට්ටුවකට සැරසෙයි

6,623 views
SHARE

මේ දවස්වල දියවන්නාවේ දවසේ කතාව ගීතා අක්කගේ හුට පටේ, ඕක අශ් කලින්ම කිවුවා මතකනේ, දැන් තේරෙනවනේ අශ් ගේ කෝලම බොරු කියන්නේ මඩ ගහන්නේ නැහැ කියලා.

ඒ වුනාට පහුගිය සතිය පුරාවටම මැයි දිනය ගැන කථා කලා මිසක් වෙන කිසිම රෙද්දක් තිබ්බෙම නැහැනේ. කම්කරුවන්ගේ, කම්කරුවන්ගේ කිවුවට මොකද එක හරි හමන් කම්කරුවෙක්නම් ඔය මැයි දිනේ හිටියේ නැහැ. දැන් කියහල්ලකෝ බලන්න අල ගෝනි අදින සුදා මල්ලි, එතකොට අපේ පාරවල් අතු ගාන කමලා අක්කා, සුයිප් විකුණන සෝමේ අයියා, රයිස් ගහන සුමෙනේ මල්ලි, කොත්තු ගහන පාල කොලුවා ඕකට ගියාද කියල? ඇහුවම කිවුවේ කොහොම යන්නද ? ගියොත් ඒ දවසේ කන්න දෙන්න උබලගේ මහා එකාද කියලා. ඇත්තනේ බං කථාව.

කොහොම වුණත් රැලි එක පිට එක පෙරලුනා එකෙක් අපි ගැන නම් කතා කලේ නැහැ. එකාට එකා බැන ගත්තා. තව සෙට් එකක් චුන් වෙලා බි බී නැටුවා. ඔන්න ඕකටයි ළමයිනේ “මැයි දිනය ” කියන්නේ. බහුරූ කෝලම් එලි වෙන ජාමෙට කිවුවට මොකද දැන් නම් බුතයෝ පෙරේතයෝ කුම්බාන්ඩයෝ සේරම නටන්නේ ඉර හොදට රත් වෙලා ඉහ මොළ රත් කරගෙන. කෑ ගහලා, හූ තියලා, කෙල පෙරාගෙන ශික් විතරක් කැතයි මූසලයි අසික්කිතයි ඔය හැම නාඩගමක්ම. හරි දැන් ඒවා ඉවරයි කියමුකෝ,

ඊට පස්සේ යමු ගෝල්ෆේස් මල විකාරේට, ඕං අද දවසේ කථාව, දැන් කියන්නේ එකාබද්දේ අය පොදුජනේට පූට්ටු වුන නිසා ඔන්න අයින් කරනවලු පක්ෂෙන්. එතකොට පක්ෂේ සාමාජිකපට්ටමත් එක්ක දියවන්නාවේ කුට්ටමත් තුන් ඈවරට අහෝසියිලු . හරි ශෝක් කියලා කයිවාරු ගැහුවට මොකද බන් මේකට නම් එකාබද්දේ සෙට් එක අම්බානෙකට භය වෙලා ඉන්නේ. ඔන්න ආරංචියි එහෙම වුණොත් සෙට් එකම උසාවි යන්න සුදානමින් මේ දවස් වල නීති උපදෙස් අරගන්නවලු.

ඩලස් අයියා දෙහි ගෙඩියක් වගේ ඉදන් බැසිල් අයියාව මහින්ද ලොක්කව ඉස්සර කරන් යනවා මිසක් ඔය පැගිරි මොලේට මොන හැලපයෙක්වත් වෙන් කරන්න දන්නේ නැහැනේ.

හැබැයි එදා ජන ගගක් ගෝල් ෆේස් එකේ මැයි දිනේට ගලපු නිසා ශ්‍රීලනිපයේ ගොයියොත් පොඩ්ඩක් තෝන්තු වෙලා වගේ කියල ආරංචියක් ආවා.

මොකද ඕකෙන් පස්සේ සිනමන් ග්රෑන්ඩ් හෝටලයට සුසිල්, ඩිලාන්, අමරවීර සෙට් එකත් එක්ක තව ගෙම්බෝ ටිකක් නයිට් සීන් එකකට සෙට් වෙලා. ඔය කට්ටිය එකතුවෙලා ගොට්ටක් හදනවලු මෛත්‍රී මහින්ද පූට්ටු කරන්නලු.

ඇත්ත නැත්ත බලන්න කොයි එකටත් කියලා ගැහුවා කෝල් එකක් අමරවීර අයියට “අපි මේ ඩිලාන්ගේ බර්ත්ඩේ එකට කෑමකට ගියා නේ ” ඔන්න ඔහොමයි එයා මේකෙන් ලෙස්සිලා ගියේ. කොහොම වුණත් ලොකු අයියලා ටික හැම වෙලේම බලන්නේ, කන්නේ කොහෙන්ද කියලා නම් තමයි. අනේ අම්මපා බන් මෙච්චර කල් කාපු කෑම මදි වෙලා ද මෙහෙමත් තව ඉල්ලන් කන්න යන්නේ ?

කොහොම හරි ඕකත් එක්ක දැන් එජාපෙන් කියන්නේ චම්පික, කරු, රාජිත කියන අයත් අලියට ඇහැ තියන්න එකතු වෙනවා කියලා . ඔය වගේ කතා ටිකක් එක්ක කොටු පැන්නිලක් තමයි දියවන්නාවේ හැම තැනින්ම ඇහෙන්නේ. ඉස්සරහට තවත් බහුරූ කෝලන් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. මොනා වුණත් අශ්ගේ කෝලමට නම් පේන්නේ මේක රනිල් ලොක්කා මොලෙන් ගහපු ගේමක් කියලා.

ශ්‍රීලනිපයේ බෙදීම දැන් හොදටම පේනවනේ. මේවයින් ශ්‍රීලනිපය දෙපැත්තට වුණාම ජන්ද වාසිය අලියට ලැබෙනවා. දැන් ඉතිං මේවා දිහා රනිල් ලොක්කා හුම් හුම් කියා කියා බලාගෙන ඇති.

අමතක කරන්න හොද නැහැ අලියෝ දෙකට බෙදිලා 20 වසරක් විපක්ෂේ හිටියා. ඒ වගේ දෙකට බෙදෙන හැමොටම ඔය වගේ කරුමයක් පඩිසන් දෙයිද කියලත් ඉතිං කියන්න බැහැ.

හිතන්න දෙයක් හැමෝටම තියල එහෙනං අදට පොයිටු වාරෙන්…
මම දියවන්නාවට උඩින් ඉන්න අශ් වරු

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site