Home News Sports ලොව ප්‍රකට ” ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස්‌ ” ශ්‍රී ලංකා ආධුනික ක්‍රිකට් තරගාවලි...

ලොව ප්‍රකට ” ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස්‌ ” ශ්‍රී ලංකා ආධුනික ක්‍රිකට් තරගාවලි සදහා අයදුම්පත් භාරගැනේ

487 views
SHARE

ලොව පුරා රටවල්වල 2,000කට අධික කණ්ඩායම් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලොව වැඩි දෙනෙකුගේ අවධානය හා ආදරය දිනා ඇති ආධුනික ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා තරග මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව එහි සංවිධායක කමිටුව පවසනවා.

නමින් ” ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ” ලෙස නම් කර ඇති මෙය එළබෙන 21 වන දින ආරම්භවීමට නියමිතයි.

මෙම තරගාවලියේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 08 දෙනෙකු ඇතුලත් අතර එක් තරගයක් පන්දුවාර 20කට සහ පැය 02කට සීමාවෙයි.

මෙහිදී ශ්‍රී ලංකා තරගාවලිය ජයගන්නා කණ්ඩායම් 2017 දෙසැම්බර් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වෙන ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබන අතර ඒ සදහා වන සියලු වියදම් ” ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ” ශ්‍රී ලංකා විසින් දරණු ලැබේ.

මින් සුදුසුකම් ලබන ක්‍රීඩකයින්ට ලොව ජනප්‍රියම ආධුනික 20 – 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට අවස්ථාව හිමිවන අතර ජාත්‍යන්තර වර්ගීකරණය සදහා මුදලින් රු. 450,000/-ක ත්‍යාග සමග සම්මාන සහතික ඇතුළු වටිනා ත්‍යාග හිමිවනවා.

මේ සදහා අයදුම් පත් දැන් භාරගන්න අතර අවසන් දිනය මැයි 15 වනදින බව සංවිධායක මණ්ඩලය C NEWS සමග සදහන් කළා.

මේ පිළිබදව වැඩි විස්තර ” ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස්‌ ” ශ්‍රී ලංකා 077 051 4 549 යන දුරකතනයට අමතා ලබාගත හැකි අතර [email protected] යන විද්‍යුත් ලිපිනයට ඊ මේල් පණිවිඩයක් යැවීම මගින් ලබාගත හැකි බව වැඩිදුරටත් පවසනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site