Home C Gossip ඉන්දියාවේ වෛශාවක් වූ බංග්ලාදේශ් තරුණියගෙන් මෝදී ට ලිපියක්

ඉන්දියාවේ වෛශාවක් වූ බංග්ලාදේශ් තරුණියගෙන් මෝදී ට ලිපියක්

607 views
SHARE

ඉන්දියාවට ගණිකාවක් ලෙස විකුණා දැමුණු බංග්ලාදේශ් තරුණිය වසර අටක් ගෙවූ දුක්බර ජිවිතයට සමුදුන්නේ ගලවාගැනීමේ කණ්ඩායමකට පින් සිදුවන්නටයි.

ඒ වනවිට මේ දුක්බර රැකියාවෙන් ඇය උපයාගත් මුදල ඉන්දීය රුපියල් 50,000 ක් පමණ තිබු බව ඇය සඳහන් කළා.

කෙසේවෙතත් ඒ වනවිට ඉන්දියාව විසින් රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු තහනම් කර තිබීම නිසා මේ තරුණිය පත්වුයේ මහත් අපහසුතාවයකටයි.

ඒ නිසාම ඇය තමන්ව ගලවාගත් කණ්ඩායම හරහා ඉන්දියාවේ බලවත්ම පුද්ගලයාට ලිපියක් ලියා තිබෙනවා.

ගරු අගමැතිතුමනි,

“වසර අටක් පුරා බලහත්කාරයෙන් වෛශාවක් ලෙසට සේවයේ යෙදවූ අයෙක්මි. දෙවියන්ට සහ දෙවියන් වැනි මිනිසුන් කණ්ඩායමකට පින් සිදු වන්නට යලි වතාවක් ඉන්දියාවට පැමිණියත් මේ වනවිට මා තවත් දුක්ඛදායක අපහසුතාවයකට මුහුණ දී සිටින බව කිව යුතුය.

මේ වනවිට මා විසින් ඉතා කනගාටුදායක තත්වයන් යටතේ උපයාගත් මුදල ඉන්දීය රුපියල් 50,000 කි. ඉන්දියාවේ සිට යලිත් ඩකා වෙත ගොස් වසර අටකට පෙර මගෙන් පැහැරගත් ජීවිතය වෙත යාම සඳහා මට මේ මුදල්වලින් රුපියල් 10,000 ක් මාරු කරගත යුතුව ඇත.

ඊයේ දිනයේ ඒ සඳහා බැංකුවට ගිය මට බැංකුව කියා සිටියේ මගේ මුදල් මේ වනවිට කඩදාසි වශයෙන් විනා මුදලක් ලෙසට නොවටිනා බවය.

අගමැතිතුමනි,

මේ මුදල් මගේ ජීවිතයේ වසර අටක වේදනාව ය. එහෙත් ඔබේ රජය විසින් ගත් තීරණයක් නිසා මගේ ඒ මුදලට කිසිදු වලංගු බවක් ලැබෙන්නේ නැත. ඒ නිසා මට බංග්ලාදේශයට යාම සඳහා කිසිදු ක්‍රමයක් නොමැත. ඒ හෙයින් කරුණාකර මට යළිත් මගේ ජීවිතය කරා යාමට මේ මුදල මාරුකර දෙන්න යයි ඔබෙන් ඉල්ලා සිටිමි.”

මේ ලිපියට මොදිගෙන් ලද ප්‍රතිචාරය තවමත් හෙළිවී නෑ. එහෙත් මේ ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site