Home News Breaking වෙබ් පිටුවක් ගැන C.I.Dයට පැමිණිල්ලක්

වෙබ් පිටුවක් ගැන C.I.Dයට පැමිණිල්ලක්

263 views
SHARE

රාත‍්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් HIV වෛරසය ව්‍යාප්ත කරන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් පතුරවන අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරමිභ කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමකට අනුවයි.

අදාළ ඉල්ලීම සිදු කර ඇත්තේ බරවා රෝග මර්දන වැඩසටහන විසින් බවයි වාර්තා වන්නේ.

බරවා රෝගය නැවත හිස එසවීම වැළැක්වීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ඇතැම් ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක කෙරෙනවා.

ඒ සදහා මහජන සෞඛ්‍ය කේෂ්ත‍්‍ර නිලධාරීන් විසින් රුධිර සාම්පල ලබා ගැනෙන්නේ රාත‍්‍රී කාලයේදීයි.

නිවැසියන්ගේ ආරක්ෂාව සඳහා මෙම නිලධාරීන් සිය නිල ඇඳුමින් සැරසී හැදුනුම්පත ද පැළඳ සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කිසියම් පිරිසක් මෙම සිද්ධිය පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවා හරින බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site