Home News Breaking කොස්තාපල් සිරිකොතේ අලියාට වෙඩි තිබ්බේ “කෙසෙල් ගහ” රජ කරවන්නලු

කොස්තාපල් සිරිකොතේ අලියාට වෙඩි තිබ්බේ “කෙසෙල් ගහ” රජ කරවන්නලු

484 views
SHARE

පසුගිය මැයි 01දා සවස පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඇති අලියාගේ ලකුණට වෙඩි තැබූ කොස්තාපල්වරයා මානසික ව්‍යාකූල තාවයකින් පෙළෙන්නකු බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහු මුලින් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ වර්තමානයේ පවතින පක්ෂ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ පියවරක් ලෙස තමන් අලියාට වෙඩි තැබූ බවයි.

එහෙත් ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි ඇල්මකින් යුත් අයෙකු බවද ඔහුගේ ප්‍රකාශ මගීන් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කොස්තාපල් වරයා 1995 දෙසැම්බර් 15 දා ශ්‍රී ලංකා පොලිසියට සම්බන්ධ වී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළකු ලෙසයි.

ඉන් පසුව 1996 සිට වසර 2000 දක්වා නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරිවල යෙදුණු මොහු වසර 2000දී සේවයෙන් පැන ගොස් තිබෙනවා.

ඒ ඔහු විසින් සිදු කරන ලද විනය විරෝධි ක්‍රියා සම්බන්ධ පරීක්ෂණ වලින් මඟ හැර යාමට බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ 2011 වසරේ ජනවාරි 11දා ඔහු නැවත සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර බුලත්සිංහල, මතුගම, කොට්ටාව යන පොලිස් ස්ථාන වල සේවය කිරීමෙන් අනතුරුව මිරිහාන පොලීසියේ සේවයට පැමිණ තිබෙනවා.

ඔහු පොලිස් සේවයේ යෙදී සිටින අතරේ මත්ද්‍රව්‍යට යොමු වී ඇති බවත් මතුගම පොලීසියේ සේවය කරන කාලයේ කපා ගත් කෙසෙල් ගසක් ප්‍රදර්ශනය කරමින් තමන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම වෙනුවෙන් කෙසෙල් ගස ලකුණ යටතේ ඡන්ද ඉල්ලන බවත් ප්‍රසිද්ධියේ පවසා ඇති බව සඳහන්.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අලියා ඡන්ද ලකුණ, එක්සත් ජාතික පක්ෂය සමග හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ සමග හෝ අමනාපයක් නැතැයි මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර තිබුනා.

එම මූලික පරීක්ෂණයේ දී කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝගයක් සම්බන්ධයෙන් කළුතර නාගොඩ රෝහලෙන් ප්‍රතිකාර ගත් බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියාගේ මානසික තත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා තෙක් ඔහු ලබන 15දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site