Home News Breaking “මහින්දට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මටත් හිමිවිය යුතුයි”

“මහින්දට ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මටත් හිමිවිය යුතුයි”

219 views
SHARE

හිටපු ජනාධිපතිවරයාට ලැබිය යුතු ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් තමාට ද හිමිවිය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරනවා.

තමා 2005 වසරේදී ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගිය ද එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් තර්ජන තිබුණු බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන හිටපු ජනාධිපතිනිය අදටත් තමාට සිටින්නේ ආරක්ෂක භටයන් 40 දෙනකු යැයි ද සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංගගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වනවා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් මා නිරන්තර අවධානයෙන් පසුවූවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ එකම ආකාරයකින් බව මහින්ද රාජපක්ෂට සිහිපත් කළ යුතුය. එම නිසා ඔහුත් මාත් අතරේ වෙනසක් නැහැ. දෙදෙනාටම ලැබිය යුත්තේ එකම ආරක්ෂාවක්.”

“මගේ විශ්‍රාම යෑමෙන් පසුව මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ විශේෂ කමිටුව අධ්‍යයනයක් සිදු කළා. එහිදි අවශ්‍ය ආයුධ සහ වාහන ද ඇතුළුව ආරක්ෂක භටයන් 300ක් දිය යුතු බව මෙම විශේෂ කමිටුව යෝජනා කළා. මා එම යෝජනාව ප්‍රතික්ෂේප කළා.

රාජ්‍ය වියදම් අඩු කිරීමේ මාගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ආරක්ෂක භටයන් 300ක් අවශ්‍ය නැති බවත් ආරක්ෂක වාහන ද සහිතව වාහන දහයක් සහ ආරක්ෂක භටයන් 150ක් ප්‍රමාණවත් බව මා දන්වා සිටියා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site