Home News Breaking එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල අද රැස්වේයි – ෆොන්සේකාට තනතුර ලැබෙයිද

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල අද රැස්වේයි – ෆොන්සේකාට තනතුර ලැබෙයිද

460 views
SHARE

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(08) පැවැත්වීමට නියමිතයි.

අද පස්වරු 05.00ට පක්ෂ මුලස්ථානය වන සිරිකොත මන්දිරයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා එය නියෝජනය කරන සියලු පාර්ශව වෙත ආරාධනාකර තිබේ.

මේ අතර අද දිනයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු සඳහා සාමාජිකයින් පත් කිරීම නියමිත බව ද වාර්තා වෙයි.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නියෝජ්‍ය නායක තනතුරක් ලබාදීමට සූදානම් වන බවට ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් මේ දක්වාත් එවැනි සූදානමක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පසුගියදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී පක්ෂයේ තනතුරු කිහිපයක් වෙනස් වන බවට ප්‍රකාශ වුවද එහිදී එවැන්නක් සිදු වුණේ නැත.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site